
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා මුහුදු සීමාවට සති දෙකකට පෙර ළගාවූ ගෑස් නෞකා දෙක නිදහස් කරගැනීමට ඩොලර් නොමැති වීමෙන් රට තුළ දැඩි ගෑස් හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ලිට්‍රෝ සමාගමේ නිලධාරියෙක් අද (14) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.
එම ගෑස් නෞකා ඊයේ පස්වරුව වන විටත් නිදහස් කරගැනීමට නොහැකි වූ බව කී එම නිලධාරියා මීට පෙර නිදහස් කරගත් නෞකාවේ ගෑස් තොගය අවසන් වෙමින් තිබෙන බව ද සඳහන් කළේය.
එක නෞකාවක් හෝ නිදහස් කරගත හොත් අඛණ්ඩව සැපයුම පවත්වාගෙන යා හැකි බවත් එසේ නොවුණ හොත් අර්බුදයකට මුහුණදීමට සිදුවන බවත් එම නිලධාරියා කීය.
මෙම නෞකා දෙක නිදහස් කරගැනීමට බලධාරීන් සමඟ අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බව කී එම නිලධාරියා සඳහන් කළේ නෞකාවක් හෝ අද රාත්‍රී නිදහස් කරගැනීමට හැකිවනු ඇති බවට විශ්වාස කරන බවත්ය.
රට පුරාම ඊයේ දිනයේ ද දිගු ගෑස් පෝලිම් දැකිය හැකි වූ අතර එම කිසිඳු අළෙවිසලකට ප්‍රමාණවත් ගෑස් සිලින්ඩර ප්‍රමාණයක් ලැබී නොලැබීමෙන් පෝලිම්වල පැය ගණන් ගතකර ඇතැමුන්ට ගෑස් නොමැතිව යෑමට සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞභාග්‍යයේ ගෑස්. අපට ඒවා අකැපයි. ගෝත්‍රික සමාජ තත්ත්වය නැවතත් ආවා. දඩයමක් කරගෙන ගින්නේ කමු. ලක්ෂ 69 බයියන් ඡන්දෙ දුන්න පින...
කොහොමත් ගෝත්‍රික රටක්, අයිය අගමැති , මල්ලි ජනාධිපති , තව මල්ලි කෙනෙක් මුදල් ඇමති, ලොකු අයිය ඇමති, උන්ගෙ පුත්තු ඇමතිල , සනුහරේ සේරම වැදගත් පුටුවල, කට කැඩෙනං කිව්ව ජනතාවට මෙහෙම රටවල් කවදාවත් දියුණු නොවන බවත්, කිසිදු රටක් ගනංනොගන්නා බවත්, ඒත් රටේ බහුතරයකට ඕන උනා කලගුන සලකන්න. සහ ඇස් නිලංකාර වන සෝබන සංවර්ධනයට , මේ සහොා්දර වරු ඩොලර් එකක් උපයන කකර්මාන්තයක් දියුණු කලාද? අපිනම් දැනසිටියා මේ ඉරණම රටට වන බව. ඒත් අපිත් මේකෙ ගොදුරක් උනා. මේ පවුල එලවා දමා මුන් සොරකම් කල දේපල කුමන නීතියක් යටතේ හෝ පවරා ගත යුතුය.