IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඩිලාන්ට කඩු පහරදුන් හතරක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වූ ඩිලාන් සේනානායක යන අයට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි .

නුගේගොඩ පාගොඩ පාරේ ඔහුගේ ඡායාරූප ශාලාව තුළ සිටියදී ඉකුත් 14 වෙනි දින  එහි පැමිණි පුද්ගලයන් ප්‍රහාරය එල්ල කර පලා ගොස් තිබිණි.

පහරදීමට පැමිණි පුද්ගලයන් ත්‍රිරෝද රථයකින් පැමිණ නැවතත් එම තීරෝද රථයෙන් පිටවී ගොස් ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.

අදාල ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් දෙමටගොඩ සහ මාලිගාවත්ත ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

තරුණියක් සම්බන්ධයෙන් පැවැති ගැටලුකාරී තත්ත්වයක් මෙම ප්‍රහාරයට හේතු වී ඇතැයි සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිස් නිලධාරියකු පැවැසීය.

සැකකරුවන් සිව්දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

ඩිලාන්ට කඩු පහරදුන් හතරක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site