
(යොහාන් භාසුර)
‘ලන්ඩන් ව්‍යාපාරික උපදේශන ආයතනය’ සංවිධානය කළ ලෝක ව්‍යාපාරික විශිෂ්ඨතා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ඉංග්‍රීසි පුවත්පත ලෙස ‘ඩේලි මිරර්’ පුවත්පතට ද, ශ්‍රී ලංකාවේ හොඳම ව්‍යාපාරික පුවත්පත ලෙස ‘ඩේලි එෆ්ටී’ පුවත්පතට ද, සම්මාන හිමිවිය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (10) එම සම්මාන උළෙල පැවැත්විණි.
ප්‍රවීණ ගත්කතුවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයකු වන මොහාන් රාජ් මඩවල මහතා එම සම්මානය ‘ඩේලි මිරර්’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ජමිලා හුසේන් සහ ‘ඩේලි එෆ්ටී’ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ චාරුමිණි ද සිල්වා යන මහත්මීන්ට පිරිනැමීය.
විජය පුවත්පත් සමාගමේ දැන්වීම් ප්‍රධානී ඉන්දික ජයමහ මහතා සහ එංගලනත්යේ එල්බීසී ආයතන සමූහය සහ ක්‍දාැ‘ැක් ඔැජයබදකදටහ මන ආයතනය නියෝජනය කරමින් සහභාගි වූ මරී වතීර් මහත්මිය මෙම අවස්ථාවට සහභාගි වූහ.
(ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd