(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
පාර්ලිමේන්තුවේ ආරක්ෂාව වෙනුවෙන් යොදවනු ලැබූ ඩ්‍රෝන යානය දියවන්නා ඔයට කඩා වැටීමෙන් රුපියල් ලක්ෂ පනහකට ආසන්න පාඩුවක් සිදුවී ඇතැයි ගුවන් හමුදා ආරංචි මාර්ග වලින් පැවසේ.
එම යානය පාවිච්චියට ගත නොහැකි අන්දමට විනාශ වී ඇතැයිද ඒ ආරංචිමාර්ග සඳහන් කළේය.
මේ ඩ්‍රෝන යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වූවකි. යානය දියවන්නා ඔයට හදිසියේම කඩා වැටුණේ පසුගිය මස 20 වැනිදා පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේ ආරක්ෂක කටයුතු සඳහා යොදවනු ලැබ තිබියදීය.
යානයේ බැටරිය දුර්වලවීම නිසා එය මෙසේ කඩා වැටී ඇති බව දැනට කරන ලද පරීක්ෂණවලදී තොරතුරු අනාවරණයවී ඇත. ඒ අවස්ථාවේදී යානය නිරුපද්‍රිතව ගොඩ බස්සවා ගැනීමට ගුවන් හමුදා නිලධාරීන් උපරිම උත්සාහ දරා ඇතත් එය ව්‍යාර්ථ වී ඇතැයි දැනගන්නට ඇත.
දියවන්නාවට කඩා වැටුණු ඩ්‍රෝන යානය නාවික හමුදා කිමිදුම් කන්ඩායමක් විසින් පසුගියදා සොයා ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැටරිය දුර්වලවෙලා කියන්නේ, බැටරිය චාජ් එක නැහැ කියලා නේද? බැටරිය ආරෝපණ පවතින කාලය ගැන හරි වැටහීමක් ලබාගත යුතුව තිබුණා නේද?
ඉලෙක්ට්‍රොනික් පද්ධතියකට වතුර වැටුණාම වෙන දේ තමයි වෙලා තියෙන්නේ...!
පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේ ආරක්ෂක කටයුතු සඳහා මෙච්චර දේවල් මොකටද? හොරුන්ට ආරක්ෂාව දෙන්න ගියාම මෙහෙම දේවල් වෙන එක පුදුමයක් නොවෙයි...
දියවන්නාව කොහොමත් මහජන මුදල් දිය කරන තැනක් නිසා එච්චර පුදුම වෙන්න දෙයකුත් නැහැ නේද?
ඔය කඩන් වැටීමට හේතුව විමර්ශනය කරන්න ඉස්සෙල්ලා..., ඔය ඩ්‍රෝනා එක රුපියල් ලක්ෂ 50ක් වටිනවද කියලා විමර්ශනය කළ යුතුයි.
ලක්ෂ 50ක් වෙන්නේ කොහොමද? උපරිම ලක්ෂ 20-25ත් අතර වෙන්නේ හොඳම එකක්... මෙතන ගසාකෑමක් වෙලා තියෙනවා.!
මොරටුව ව්ශ්වවිද්‍යාලයට දුන්නොත් අඩු වියදමකින් හදලා දෙයි.
ඒකට මොකද ගෙවන්නෙ අපිනෙ, අපේ බදු සල්ලි වලින් ජීවත් වන්නන්ට තියෙන්නෙ තව එකක් ගන්න එතකොට කොමිස් පාරකුත් ලැබෙනවානෙ !
අනික Drones මෙහෙ හදන්න පුලුවන් අඩුවට. Campus ලමයි දන්නවා Technology එක.
හොරු 225 ක් ඔතනට යවලා දැන් මුළු රටම වතුරේ.
ඔය කඩනු වැටුණු අටමඟලේ ඩ්‍රෝන යානාවක්ද? නැතිනං හෙලිකොප්ටරයක්ද බොලව්..?
කඩාවැටුනට පස්සෙ අපි මොනව කියන්නද නොසැලකිල්ල. අනික පාර්ලිමේන්තුවේ මොනව ආරක්ෂා කරන්නද මුන්ට පිස්සු.