IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඩ්‍රෝන සීයක් ගොවි වැඩට දෙයි

(අංජුල මහික වීරරත්න)

රුපියල් කෝටි 25ක් වටිනා ඩ්‍රෝන යානා සියයක් කෘෂිකාර්මික අංශ නවීකරණය සඳහා කෘෂි අංශ නිපුණතා සභාව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අද (17) දින බාර දුන්නේය.

වී, බඩ ඉරිඟු, මිරිස් මෙන්ම වෙනත් වැවිලි බෝග වලට පොහොර සහ පළිබෝධනාශක යෙදීම සඳහා මෙම ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනී.

එම ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ පුහුණුවක් කෘෂි නිපුණතා සභාව විසින් ලබා දීමට පියවර ගෙන ඇත.

එක් ඩ්‍රෝන යානාවකින්  පැයකට හෙක්ටයාර් 16ක කෘමිනාශක හෝ වල්නාශක යෙදිය හැකි බවත් වී වැපිරීම සඳහා  මෙම ඩ්‍රෝන  තාක්ෂණය භාවිත කිරීමට හැකියාව පවතින බවත් අමාත්‍යාංශය පවසයි.

මෙහිදී අදහස් දක්වමින්  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවෙි මෙම ඩ්‍රෝන යානා සියය කුරුණෑගල, අනුරාධපුර, හම්බන්තොට, වව්නියාව සහ අම්පාර දිස්ත්‍රික්ක වල ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ලබා දෙන බවයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ වරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේදී මෙම ඩ්‍රෝන යානා බාර දීම සිදු කළ අතර එම අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, කෘෂි අංශ නිපුණතා සභාවේ සභාපති කාවින්ද දිසානායක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.



අදහස් (5)

ඩ්‍රෝන සීයක් ගොවි වැඩට දෙයි

Aravinda Monarawila Wednesday, 17 January 2024 01:08 PM

ඩ්‍රෝන තාක්ෂණයෙන් වගාකරන්න ඕනෑ කියලා මෙයාලාට මතක් වුණේ මාලිමාවට පාලන බලය හිමිවූ සමූපකාර සමිතිවල ඒවා භාවිතා කරන්න පටන් ගත්තායින් පස්සේ... නැතිනම් ඩ්‍රෝන තියා පොහොර ටිකත් නැතිකරලයි නැවතුණේ...

:       181       283

ජේ ආර් නානා Wednesday, 17 January 2024 02:05 PM

පරාද වෙන්න ලං වෙනකොට තමයි රට හදන්න හිතන්නේ...!

:       119       15

Lalkantha Wednesday, 17 January 2024 02:18 PM

අමරවීරගේ පුද්ගලික මුදලින් දෙනවා වගේ... එයාගේ හිනාව.

:       68       13

බිංදුසරණ Wednesday, 17 January 2024 02:59 PM

මේ පොටෝ එකේ.. කාටද මේ දෙන්නේ කව්ද ලබාගන්නේ... දෙන්නගෙන් එක්කෙනෙක්වත් ගොවිතැන් කරන දෙන්නෙක් නෙමෙයි කියලයි පේන්නේ...!

:       19       8

PadukkageWednesday, 17 January 2024 04:03 PM

බිංදුසරණ ඉතාමත් නිවැරැදියි... මොකද මෙහිදී ඩ්‍රෝන යන්ත්‍රය ගත් පුද්ගලයා වගේ කෙනෙක් කොහොමවත් ලංකාවේ නම් ගොවිතැන කරන්නේම නැහැ.. මේවා පාක්ෂිකයින්ට / අනුගාමිකයින්ට සංග්‍රහ කිරීමක් වෙන්න පුළුවන්... ඇත්තටම ඕවා යොදාගෙන අහල පහළ තරහ කාරයින්ගේ වහලවල් වල වහලයේ සීට්වලට හානි කරාවිද කියලා හිතෙනවා...

:       3       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 21 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site