
(අංජුල මහික වීරරත්න)
රුපියල් කෝටි 25ක් වටිනා ඩ්‍රෝන යානා සියයක් කෘෂිකාර්මික අංශ නවීකරණය සඳහා කෘෂි අංශ නිපුණතා සභාව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අද (17) දින බාර දුන්නේය.
වී, බඩ ඉරිඟු, මිරිස් මෙන්ම වෙනත් වැවිලි බෝග වලට පොහොර සහ පළිබෝධනාශක යෙදීම සඳහා මෙම ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනී.
එම ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ පුහුණුවක් කෘෂි නිපුණතා සභාව විසින් ලබා දීමට පියවර ගෙන ඇත.
එක් ඩ්‍රෝන යානාවකින් පැයකට හෙක්ටයාර් 16ක කෘමිනාශක හෝ වල්නාශක යෙදිය හැකි බවත් වී වැපිරීම සඳහා මෙම ඩ්‍රෝන තාක්ෂණය භාවිත කිරීමට හැකියාව පවතින බවත් අමාත්‍යාංශය පවසයි.
මෙහිදී අදහස් දක්වමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවෙි මෙම ඩ්‍රෝන යානා සියය කුරුණෑගල, අනුරාධපුර, හම්බන්තොට, වව්නියාව සහ අම්පාර දිස්ත්‍රික්ක වල ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ලබා දෙන බවයි.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ වරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේදී මෙම ඩ්‍රෝන යානා බාර දීම සිදු කළ අතර එම අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, කෘෂි අංශ නිපුණතා සභාවේ සභාපති කාවින්ද දිසානායක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩ්‍රෝන තාක්ෂණයෙන් වගාකරන්න ඕනෑ කියලා මෙයාලාට මතක් වුණේ මාලිමාවට පාලන බලය හිමිවූ සමූපකාර සමිතිවල ඒවා භාවිතා කරන්න පටන් ගත්තායින් පස්සේ... නැතිනම් ඩ්‍රෝන තියා පොහොර ටිකත් නැතිකරලයි නැවතුණේ...
පරාද වෙන්න ලං වෙනකොට තමයි රට හදන්න හිතන්නේ...!
අමරවීරගේ පුද්ගලික මුදලින් දෙනවා වගේ... එයාගේ හිනාව.
මේ පොටෝ එකේ.. කාටද මේ දෙන්නේ කව්ද ලබාගන්නේ... දෙන්නගෙන් එක්කෙනෙක්වත් ගොවිතැන් කරන දෙන්නෙක් නෙමෙයි කියලයි පේන්නේ...!