
(අංජුල මහික වීරරත්න)
මධ්‍යම පරිසර අධිකාරිය සමඟ එක්ව ඩයලොග් ආයතනය ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය “ඊ-කුණු” (e-Kunu) බාර ගැනීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
මෙම වැඩසටහනට අනුව ඩයලොග් ශාඛා වෙත පාරිභෝගිකයින් විසින් ගෙනැවිත් දෙන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස් කර නියමිත පරිදි බැහැර කිරීම සඳහා ලියාපදිංචි ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බැහැර කරන්නෙක් වෙත යොමු කිරීමේ වගකීම ඩයලොග් ආසියාටා සමාගම බාර ගෙන ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
“ඊ-කුණු” (e-Kunu) වැඩසටහන සඳහා මධ්‍යම පරිසර අධිකාරිය සමඟ එළඹුණු නව අවබෝධතා ගිවිසුම අනුව ඩයලොග් ආසියාටා සමාගම මෙම සත්කාරය සිදුකරයි.
මධ්‍යම පරිසර අධිකාරිය පාර්ශවයෙන් එහි සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් සහ ඩයලොග් ආසියාටා සමාගම පාර්ශවයෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහත්වරු අදාල ගිවිසුමට අත්සන් තැබූහ.
“ඊ-කුණු” වැඩසටහන යටතේ ජංගම දුරකථන, ලැප්ටොප් , ඉලෙක්ට්‍රොනික උපකරණවලට අදාළ චාර්ජර්ස්,රැහැන්, ලිතියම් අයන් බැටරි , වියළි කෝෂ , ටෝනර්ස්, දෘඪතැටි, සීඩී සහ ඩීවීඩී තැටි, ෆ්ලෝෆි තැටි , ස්ථාවර දුරකථන , රව්ටර සහ රූපවාහිනී සංඥා පරිවර්තක උපකරණ යන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය දිවයින පුරා පිහිටි ඩයලොග් අලෙවි ශාඛා වෙත ගෙනැවිත් බාරදිය හැකි බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd