ඩයලොග් ආසිආටා පී.එල්.සී (ඩයලොග්), ආසිආටා බර්හාඩ් සමූහය (“ආසිආටා”) සහ භාරතී එයාර්ටෙල් ලිමිටඩ් (භාරතී එයාර්ටෙල්) (සාමුහිකව ‘එම පාර්ශ්ව’) ශ්‍රී ලංකාවේ සිය අනුබද්ධිත සමාගම්වල මෙහෙයුම් ඒකාබද්ධ කිරීමේ මූලික එකඟතාවකට එළැඹ සිටී.
එසේ ඒකාබද්ධවනු ලබන්නේ භාරතී එයාර්ටෙල් පූර්ණ හිමිකාරීත්වය දරන අනුබද්ධිත ආයතනයක් වන භාරතී එයාර්ටෙල් ලංකා (පෞද්ගලික) සමාගම සහ ආසිආටා බර්හාඩ් සමූහයේ අනුබද්ධිත සමාගමක් වන ඩයලොග් සමාගමයි. යෝජිත ගනුදෙනුවට අනුව එයාර්ටෙල් ලංකා හී සාධාරණ වටිනාකමට අදාළව ඩයලොග් හී කොටස් ප්‍රමාණයක් භාරතී එයාර්ටෙල් ලිමිටඩ් වෙත පිරිනැමෙනු ඇත. ඒ අනුව ගනුදෙනුව සම්පූර්ණ වීමෙන් පසු එයාර්ටෙල් වෙත ඩයලොග්හී නව කොටස් නිකුත් කෙරෙනු ඇත.
යෝජිත ගනුදෙනුව සම්බන්ධයෙන් අදාළ නීති සහ රෙගුලාසිවලට අනුව මෙකී පාර්ශ්ව අතර සහ අදාළ නියාමන අධිකාරීන් අතර මේ වන විට සාකච්ඡා සිදුවෙමින් පවතී. අදාළ නියාමනයන් සහ කොටස් හිමිකාරීත්වයේ අනුමැතීන් ඇතුළත්වන සේ යෝජිත ගනුදෙනුව සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට අත්සන් තැබීමට නියමිතය.
ඉදිරියේ දී මෙයට අදාළව තවදුරටත් වර්ධනයක් සිදුවුවහොත් උක්ත පාර්ශ්ව එකතුවෙන් ඒ සම්බන්ධයෙන් නිවේදනයක් කිරීමට නියමිතය
595
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඩයලොග්, සහ භාරතී එයාර්ටෙල් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ඒකාබද්ධ කිරීමේ මූලික එකඟතාවක