
ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් හඳුන්වාදෙනු ලැබූ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන මගින් සිදු කෙරෙන කෘෂි උපදේශන සේවාව වන ගොවි මිතුරු සේවාව (දෙමළ භාෂාවෙන් Uzhavar Thozhan), තේ වගාව සම්බන්ධයෙන් විශිෂ්ටතම උපදේශන සේවාවක් ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය සමඟ හවුල්කාරීත්වයකට එළඹ තිබේ.
තේ කර්මාන්තය ශ්‍රී ලංකාවේ පැරණිතම කර්මාන්තවලින් එකක් වන අතර, මිලියනයකට අධික පවුල් සංඛ්‍යාවක් මේ සමග සෘජුවම සම්බන්ධ වී සිටියි. ඒ අතරින් කුඩා තේ වතු හිමි පවුල් නියෝජනය 400,000 කට අධිකය. කුඩා තේ වතු හිමියන්ට තිරසාර සහ පරිපූර්ණ උපදේශන සේවාවක් සැපයීම මෙම හවුල්කාරිත්වයේ අරමුණයි.
භාෂා ත්‍රිත්වයෙන්ම සේවාව ලබාගත හැකි ගොවි මිතුරු සේවාව සරුසාර වගාවක් වෙනුවෙන් කාලෝචිත සහ සවිස්තරාත්මක උපදෙස් ලබාදී ගොවීන්ගේ ජීවිත නගාසිටුවීමට රුකුලක් වන අතර, එක් එක් ගොවීන්ගේ අවශ්‍යතා එනම්, ඔවුන්ගේ භෝග වර්ගය, ගොවිබිමේ ස්ථානය සහ වගාවේ අවධියට ගැළපෙන නිවැරදි තොරතුරු, නිසි වේලාවට සපයයි. දැනට ගොවි මිතුරු සේවාවෙන් තේ වගාව ඇතුළුව භෝග වර්ග 32 ක් සඳහා කෘෂි උපදෙස් ලබාගත හැක. ඕනෑම ඩයලොග් ජංගම දුරකථනයකින් 616 අමතා ගොවි මිතුරු ඇමතුම් සේවාව සමඟ සම්බන්ධවිය හැකි අතර Google play Srore හරහා ගොවි මිතුරු App එක ඩවුන්ලෝඩ් කරගත හැක. ඇමතුම් සේවාව සඳහා එක් භෝගයකට පාරිභෝගිකයන්ගෙන් දෛනිකව රුපියලක +බදු ගාස්තුවක් අය කෙරෙන අතර, Mobile App එක ඔස්සේ සියලු භෝග හා තොරතුරු සඳහා ග්‍රාහකත්වය ලබාගැනීම වෙනුවෙන් ඩයලොග් මොබයිල් පාරිභෝගිකයන්ගෙන් දෛනිකව රුපියල් 2 ක් (+බදු) අය කෙරෙන බව එම සමාගම සඳහන් කරයි.
595
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඩයලොග් ‘ගොවි මිතුරු’ තේ පර්යේෂණ ආයතනය සමඟ එක් වෙයි