(රොෂන් තුෂාර)

ආගාමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා වීසා නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීයේ යැයි කියන හිටපු ඇමතිනී ඩයනා ගමගේ විත්තිකාරියට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය පෙබරවාරි 24 සිදු කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා (16) දින නියම කළේය.

සාක්ෂි විභාගය අද දින සිදුකිරීමට නියමිතව තිබුණ ද නීතිඥවරුන් අධිකරණය පෙනී නොසිටීම හේතුවෙන් නඩු විභාගය කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

2014 ජනවාරි මස 20 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී බත්තරමුල්ලේදි එන්.50191386 දරන ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා අයදුම් පත්‍රයක් ඉදිරිපත් කිරීම,වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම යන චෝදනාවන් යටතේ හිටපු ඇමතිනී ඩයනා ගමගේ විත්තිකාරියට එරෙහිව රහස් පොලිසිය පැවරූ පැමිණිල්ලේ සාක්ෂි විභාගය මෙසේ කල් තැබිණි.

නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත සිටින විත්තිකාරිය අධිකරණය පෙනී සිටී අතර සාක්ෂිකරුවන් සිව් දෙනෙකු ද අධිකරණයේ පෙනී සිටියේය.

නඩු විභාගය කල් තැබූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට යෙදෙන අධිකරණය පෙනී සිටින ලෙසටට ද අවවාද කළේය.