(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වයින් ස්ටෝස් රෑ වෙන තුරු ඇරලා තැබිය යුතු යැයි ද සුපර් මාර්කට් වලට බියර් ලයිසන් දිය යුතුයැයි ද සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී අද පැවසුවාය.
රට ඉදිරියට ගෙනයන්න නම් ආකල්පමය වෙනසක් අවශ්‍ය බවද ඩයනා ගමගේ මහත්මිය කීවාය.
පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩයනා ගමගේ මහත්මිය,
කංසා කියන්නේ පාරවල් දිගේ බිබී ඇවිදින දෙයක් නෙමේ .මම කතා කතාකරන්නේ විදේශ විනිමය ගැනයි. වෙනස් දේවල් ටිකක් ගැනයි. මම කතා කරන්නේ වෙනත් පැත්තක් ගැනයි.
කංසා ශාකය වගා කරන්න නීතියක් අවශ්‍ය නැහැ.කංසා වලට තියෙන්නේ අවුරුදු 6000 සිට එන සංස්කෘතියක්. 2500ක ඉතිහාසයක් නොවේ.
රාවණා කාලයේ ඉඳන් ඒක තිබුණා.
අද බුදුහාමුදුරුවෝ මෙහෙට වැඩම කරලා හිටියා නම් මේ රට ගැන මොනවා කියයිද දන්නේ නැහැ.මම "නයිට් ලයිෆ්" ගැන කතා කළා.නයිට් ලයිෆ්" කියන්නේ ගණිකා වෘත්තිය නොවේ. ඊට එහා ගිය දේවල් ටිකක් තිබෙනවා. රෑ තිස්සේ මිනිසුන්ට දරුවන්ට විනෝද වෙන්න කරන්න පුළුවන් බොහෝ දේ තිබෙනවා. ඒ කිසිම දෙයක් අපේ රටේ නැහැ. හොරෙන් හොරෙන් හැමදේම කෙරෙනවා. මොකද්ද සදාචාරය මේ රටේ.කාන්තාවකට නිගා කරන එක ද සදාචාරය ද?
රෑ වෙන තුරු වයින් ස්ටෝස් ටික ඇරලා තියන්න ඕන.රෑ නවයට වයින් ස්ටෝස් වැහුවාම මිනිස්සු රජයට බදු නොදී පස්ස දොරෙන් අරක්කු විකුණනවා.
එමෙන්ම සුපර් මාර්කට් වලට බියර් ලයිසන් දිය යුතුයි.මේ රට ඉදිරියට යන්න නම් ආකල්පමය වෙනසක් අවශ්‍යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ යෝජනාවක්. ගොඩක් හොඳයි.
පිටරටවල් විදියට ජීවත් වෙන්න තිබුණා. මීට ඉස්සර ඉඳලා. රටේ නීතිය කෑවේ නුඹලා වැනි අය... 250. සේරම එකයි. නිතීයක් නැහැ. ඔබලා මිනී මරනවා. හොරකම් කරනවා. තියෙන සක්කිලි වැඩ සේරම කරලා, නඩු ඉල්ලා අස්කර ගන්නවා. එහෙම වුණාම කොහොමද රටේ පුරවැසියන්... හරි මග යන්නේ..? මිනිසුන්ට කන්න කැඳ බැහැ මෙයා. සුර් වෙන්න ලයිසන් ඉල්ලනවා. පවුලේ කටිටිය. නැදැයින් සේරම. බාර් අයිති කට්ටිය වෙන්න ඇති. නුඹ ගැහැණියක්. පාසල් දරුවන්ගේ. කෑම වේලාව කොහොමද කියලා... හොයලා බැලුවද? වෙරි හිඳුණාට පස්සේ... කකුල් දෙකෙන්... පණඇතිව හිටගෙන. මේ රටට වෙලා තියෙන දේ හොයලා බලපල්ලා. රෑ එළිවෙන කම් බාර් ඇරියම... අසරණ අම්මලා මහ පාරේ එළිවෙන කම් ඉඳියි දරුවෝ... සැමියා ගෙදර එනකම්..., රටේ නීතිය සැමටම එක විදියට පාලනය වෙන්න... කොන්ද පණ ඇති නායකයෙක් බිහිකර ගන්න සටන් කරන්න... නාමල් බේබි වගේ කට්ටිය තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ... අනිත් රටවල්වල අය මෙතන ඉන්නේ... උගත්, බුද්ධිමත් අවංක මිනිසුන්... අපේ රටේ ඒකට හොර තක්කඩි මොලේ නැති... හිතක්, පපුවක් නැති අය තමයි ඉන්නේ..!
මෙතුමියට නම් දැන් හොඳටම මොලේ කචල් වේගෙන එනවා.
හොඳටම පිස්සු තදවෙලා. මීට කලින් කිව්වා කොරෝනා නිසා ගෝඨාභයගේ අවුරුදු දෙකක් නාස්ති වුණා. ඒ නිසා තවත් අවුරුදු දෙකක් වැඩිපුර රාජ්‍ය කාලය ලබාදිය යුතුයි කියලා... මේ පිනට ලැබුණු මන්ත්‍රීකමක්නේ. මොනවා කරන්නද? මේ වගේ අය නැවත පත් නොකළ යුතුයි.
හලෝ නරකද මිල අඩුකරලා ටර්න් ඕවර් එක වැඩිකර ගත්තාම..?
ඩයනාට දැන්නම් හොඳටම ශුවර් වෙලා ඉන්නේ. පවු, හැකි ඉක්මණට මනෝවෛද්‍ය තුමෙකුට පෙන්වන්න. නැතිනම් රෑ තිස්සේ බොන අය නිසා දරු පවුලත් ඉවරයි, ළමයින්ගේ අධ්‍යාපනයත් ඉවරයි.
අරමුණ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම නම් එතුමිය කියන දේවල්වල සත්‍යතාවයක් තියෙනවා. සංචාරකයින් ගෙන්ව ගන්න නම් යම් යම් දේවල් වෙනස් කරන්න වෙයි. හැබැයි ඉතා ප්‍රවේශමෙන්.
චිකාගෝ ලන්ඩන් වගේ අපරාධ ඉහවහා යනව. මේ වෙනකොට ලන්ඩන්වල පිහි ඇනුම් වලින් දරුවෝ 26 ඝාතනය වෙලා . US ගැන නම් හැමෝම දන්නවනේ.
ඩයනා කියන සියලු දෙය හරි. හොඳ පළපුරුද්දක් තියෙන කෙනෙක්.
මෙයා හිතන්නේ ගංජාවලින් ආකල්ප වෙනස් වෙනවා කියලා... ක්ලබ්වල යන අය පාර්ලිමේන්තු ආවාම මෙහෙම හිතෙනවා...
කෙටි කාලීනව පිටරට ඉඳලා ආවට එම රටවල තියන හැම අංගයක්ම මේ රටට සංස්කෘතියට නොගැලපේ. ලූලා නැති වලේ කණයා පණ්ඩිතයලු. මෝඩ චූන් දාන්නේ නැතිව අන්තර්ජාලය තුළින් බලාගන්න පුළුන් වෙයි බටහිර රටවල පවා මද්‍යසාර විකිනිය හැකි වෙලාවල් පැහැදිලිව සටහන්වී තිබෙනවා. අනික තාම සෑහෙන ප්‍රසිද්ධ සුපර් මාකට්වල මද්‍යසාර නියමිත වෙලාවල් තුළදී බෝතල් ලෙස විකිණෙනවා. ළිදේ ඉන්න මැඩියා නොවී ගිහින් බලන්න පිටරටවාගෙම මෙරටත් රාත්‍රී කාලයේ විදේශිකයන් ගැවසෙන ස්ථානවල රාත්‍රිය වර්ණවත්.
ඒ කතාව හරියි, කංසා පැලය නීතිගත කරලා ඒකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනය ගත යුතුයි. බොන එකා කොහොමත් බොනවා. ගංජා නීතිවිරෝධී රටක තමයි කුඩු කන්ටේනර් එකක් අහුවෙලා තාමත් අයිතිකාරයාව හොයාගන්න බැරුව දඟලන්නේ...!
මාර බෝම්බයක් නේ බලාගෙන ගියාම. ඒත් කතාව නම් ඇත්ත. මමත් කියන්නේ බණ කිය කියා උන්නා ඇති. ලෝකෙ යන විදියට යමු. මෙව්වට විරුද්ධව කොමෙන්ට් දාන සමහර කට්ටියගෙ ළමයිනුත් ඉන්නේ ඔය කියන සමාජෙම තියන රටවල. මෙහෙදි බොරුවට විරුද්ධ වෙනවා.
මේ වගේ අය පාර්ලිමේන්තුවේ ඉන්නකන් රටකට හරියයිද? සල්ලි කිව්වොත් අම්මා, අප්පා හරි කමක් නෑ...
කට්ටිය මෙතන අදහස් දක්වලා තියෙන විදිහ දැක්කාම ලිඳේ ඉන්න මැඩියන් වගේ... සමහරු තායිලන්තය වගේ කරන්න යනවාලු. ඒ වගේ වෙනවා නම් වරදක් තියෙනවද? විෂ්ණු දෙවියන් චිරාත් කාලයක් බුදුසසුන රකිනවා කිය කියා පාරම් බෑපු මේ සිරි ලංකාවට අන්තිමට බුදු දහමත් ගේන්න වුනේ තායිලන්තයෙන් කියන එක අමතක කරන්න එපා කියලා මේ ළිං මැඩියන්ට කියන්න කැමැතියි.
මේ වැදගත් ඇමැතිතුමියට වෙන අදහසක් නැතුව ඇති.. අවුලක් නැහැ... යකාගෙ හැටියටනේ විමානේ.. වෙන මොනවා දන්නවා කියලද? ඒවට කැමැති අය මෙතන ලියනවා. මේ වගේ අදහස් ඉස් මුදුනින් පිළිගන්න අය ඉන්නකල් අවුලක් නෑ.
ලංකාව, තායිලන්තයක් කරලා නවත්තන්න වගේ තමයි හදන්නේ..
ඉස්සරහට මෙයා කියයි ගණිකා නිවාස නීතිගත කරමු කියලා. එහෙම වුණොත්, මෙයාව "ගණිකා නිවාස සංවර්ධන ඇමැති" කරමු.