(සුජිත් හේවාජුලිගේ )

ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියට එම මන්ත්‍රී ධූරය දැරීමට අයිතියක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තමාට දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ හේතුවෙන් එම මන්ත්‍රී ධූරය පුරප්පාඩුවන බවද කතානායකවරයා දැනුම් දුන්නේය.