එය ඇයගේ යොවුන් නිදහසේ සංකේතයක් විය. එහෙත් රාජකීය පවුලට සම්බන්ධ වීමත් සමඟ ඇයගේ නිදහස සීමා කෙරිණ. රාජකීය යන්ටත් නිදහස නැතිබවට මීටත් වඩා අටුවා ටීකා අවැසි නොවේ.
නිල් පැහැති එම හුරුබුහුටි බයිසිකලය 1970 දී ඩයනා කුමරියගේ ප්‍රේමවන්තයා මෙන් විය. ඇය එම බයිසිකලය ලන්ඩන් නගරය වටා පැදගියේ යොවුන් වියේ යුවතියක සතු නිදහස උපරිම වශයෙන් භුක්ති විඳිමිනි. ඇය එහි නැඟී, ලන්ඩනය පුරාම සැරිසැරුවාය. මෙම නිල් පැහැ බයිසිකලය 70 දශකයේ අතිශය ජනප්‍රියත්වට පත් ‘රැලේ - ට්‍රැවලර්‘ බයිසිකලයකි.
ඇය 1981 දී චාල්ස් කුමරු සමඟ විවාහ වීමට පෙර කෙන්සින්ටන් හී දී ගෘහස්ථ සහායිකාවක ලෙස සේවය කරමින් සිටියදී මෙම රැලේ ට්‍රැවලර් බයිසිකලය භාවිතා කළාය.
කෙසේ වෙතත් පසුව මෙම බයිසිකලය රජ පවුලේ අය විසින් හඳුන්වන ලද්දේ ‘අපකීර්තිමත් බයිසිකලය’ ලෙසිනි. ඩයනා කුමරියගේ රාජකීය උපදේශකවරුන් පවා එය ‘කුමරියකට නුසුදුසු’ යැයි සැළකීමෙන් පසුව විකුණා දමනු ලැබිණ.
අවසන් වරට එය විකුණා තිබුණේ වසර 2018 දී ස්ටර්ලින් පවුම් 9,000 ක මුදලකටය. එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 25 කට ආසන්න විය. අද වන විට කුමරියගේ නිල් බයිසිකලය නැවත වරක් ස්ටර්ලින් පවුම් 20,000 කට (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 54 කට ආසන්න) මුදලකට වෙන්දේසියට දමා තිබේ.
අසූව දශකය මුලදී චාල්ස් කුමරුන් හා විවාහ ගිවිස ගැනීමෙන් පසුව ඇයට මෙම බයිසිකලය පැදයාම තහනම් විය. විවාහ ගිවිසුමත් සමග බයිසිකලය පැදීම නවත්වා දමන ලෙස රජ පවුල ඇයට නියෝග කළේය. පසුව ඇයගේ පියාගේ මිතුරෙකුට රහසේම එම බයිසිකලය විකුණනු ලැබිණි.
ඔහු එම බයිසිකලය ගරාජයක දමා, වසර 27 කට පසුව, 2008 වර්ෂයේ දී පවුම් 211 කට (රුපියල් 58,000 කට) විකිණීමට සමත්විය.
අඟල් 26 ක විශ්කම්භයකින් යුත් රෝද වලින් සමන්විත මෙම බයිසිකලය වේග තුනකින් පැදයා හැකිය. ඒ සඳහා වේගමාන (ගියර්) තුනක් තිබේ. එහි සුළං පොම්පය බයිසිකලයේ රාමුවට සවිකර තිබේ.
මෙවර වෙන්දේසිය මෙම මස අග භාගයේ දී සසෙක්ස් හි බර්ස්ටෝ සහ හෙවට් සමාගම විසින් අන්තර්ජාලය හරහා වෙන්දේසි කරනු ලැබීමට නියමිතය. එසේම මෙම බයිසිකලය වෙන්දේසියට දමා ඇති අය පවසන පරිදි මෙම බයිසිකලය ඩයනා කුමරියට කළ හිංසනයේ ප්‍රසිද්ධ සංකේතයකි.
ඇය සතුව තිබූ ඇයගේ ප්‍රියතම වස්තුවක් ඇයගෙන් ඈත් කිරීමකි. ඒ සමගම ඇයගේ සමාජයේ පෙනී සිටීම පාලනය කිරීමකි.
බයිසිකලය වෙන්දේසියට දමා ඇති අය පවසන්නේ ‘රාජකීයයන්ගේ මතක සටහන්‘ සඳහා මෑත කාලයේදී ඉහළ ඉල්ලුමක් ඇති බවයි.
==========================
ඩේල් මේල් ඇසුරිනි - මලීෂා ගුණවර්ධන
==========================
සබරගමු සරසවියේ තාක්ෂණ පිඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිවි නසා ගැනිමට නවක වද සිද්ධියක් සම්බන්ධ බවට සරසවි සිසුවකු සමනළ වැව පොලිසියට කළ පැමිණිල්ලකට අන
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැය
පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මේ මස 5 වැනිදා සිට 7 වැනිදා දක්වා දින තුන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම
මත් ද්‍රව්‍ය සන්තකයේ තබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය අත් අඩංගුවට ගත් තරුණයකු පොලිස් අත්අඩංගුවේදී රෝගී වී රෝහලට රැගෙන යන අ
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන දූත මණ්ඩල ප්රධාන
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඩයනා කුමරියගෙන් උදුරාගත් නිදහසේ සංකේතය