IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඩයනා අල්ලනවාද නැද්ද අධිකරණය කියයි

(නිමන්ති රණසිංහ)

ආගමන විගමන නීති උල්ලංගණය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළේ යැයි කියන රාජ්‍ය අමාත්‍යවරියක වූ ඩයනා ගමගේ මහත්මියගේ නඩුවට අදාළව ඇය අත්අඩංගුවට ගැනීමේ බලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇති බැවින් එය සම්බන්ධයෙන් නියෝග නිකුත් නොකරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (24) දැනුම් දුන්නේ ය.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙම සිද්ධියට අදාළව සැකකාරියක් කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් වූ  නියෝගය නිකුත් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙලෙස ප්‍රකාශ කරමින් එම නඩුව බහා තැබීය .

මෙම තැනැත්තිය සිදුකර ඇත්තේ සංඥය වරදක් බවට මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලින් තහවුරු වී ඇති බැවින් ඇය මෙම නඩුවේ සැකකාරියක් බවට පත් කරන ලෙසට අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා මෙම සිද්ධියට අදාළව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණි.

මෙම සිද්ධියට අදාළ තීන්දුව ප්‍රකාශ කරමින් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් අධිකරනයෙන් විශේෂ නියෝගයක් නිකුත් නොකළ යුතු අතර ඒ සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බලයක් ඇති බවය.



අදහස් (0)

ඩයනා අල්ලනවාද නැද්ද අධිකරණය කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site