(විමුක්ති එස් රුද්‍රිගු)
සිරියාවේ හමුදා උපදේශන මෙහෙයුමක යෙදී සිටි ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකායේ ඉහළ නිලධාරීන් 5 දෙනකුට මරු කැඳවමින් සිරියාවේ ඩමස්කස් නුවර නේවාසික ගොඩනැගිල්ලකට පසුගියදා එල්ල වූ ගුවන් ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි ප්‍රතිඥා දී ඇත.
මෙම ප්‍රහාරයෙන් සිරියානු හමුදාවේ සාමාජිකයන් පිරිසක්ද මියගිය අතර ගුවන් ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ ඊශ්‍රායල හමුදාව බව ඉරානය චෝදනා කරයි.නමුත් මෙම චෝදනාවට පිළිතුරු ලබා දීම ඊශ්‍රායල හමුදා ප්‍රතික්ෂේප කර ඇත.
ප්‍රහාරයෙන් මියගිය ඉරාන හමුදා නිලධාරීන්ගේ පවුල්වලට ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ශෝකය පළ කරමින් පණිවුඩයක්ද නිකුත් කර තිබිණ.වසර ගණනාවක සිට ඉරානයට සම්බන්ධයක් ඇති සිරියානු ඉලක්ක වෙත ඊශ්‍රායල හමුදා ප්‍රහාර එල්ල කරන බව කවුරුත් දන්නා කරුණක් බව විශ්ලේෂකයෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd