
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පොලිස් කොස්තාපල්වරියකට අයත් ඒ ටි එම් කාඩ් පතකින් ඉන්ධන ඇතුළු රුපියල්15,150 භාණ්ඩ ලබා ගත් කන්දේ නුවර පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය කියයි .
අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර කන්දේ නුවර පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකු කොස්තාපල්වරයෙක් බහු කාර්ය සංවර්ධන සහායකවරයෙක් , ලග්ගල පොලිසියට අනුයුක්ත බහු කාර්ය සංවර්ධන සහයකවරයෙක් හා රත්තොට ප්‍රාදේශීය සභාවේ විදුලි කාර්මිකයකුදවන බව පොලිසිය කියයි
ඉකුත් 24 වෙනි දින රාත්‍රී මාතලේ වෙසක් කලාපය පැවති විහාර මාවතේ මාර්ගය වැටී තිබූ ඒ.ටී.එම් කාඩ් පත අහුලාගෙන එමගින් රුපියල් 15,150 මුදල් ඇතුළු දේපළ ලබාගෙන ඇති බව පවසමින් මාතලේ පොලිසියට අනුයුක්ත කාන්තා පොලිස් කොස්තාපල්වරිය පැමිණිල්ලක් සිදු කර තිබූ බව පොලිසිය කියයි.
ඒ සම්බන්ධයෙන් මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශන සිදුකර එම ඒ ටි එම් කාඩ් පත උපයෝගී කරගෙන මාතලේ නගරයේ පෞද්ගලික ඉන්ධන හලකින් සහ සමූපාකාර ඉන්ධන හලෙන් ඉන්ධන හා මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් මාතලේ වෙසක් කලාපයේ පොලිසි ස්ථාන විසින් ඉදිරිපත් කරන ලද වෙසක් කූඩු භාරව පැමිණි කන්දේ නුවර පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා ඇතුළු සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
492
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩබ්ලිව්.පී.සීගේ ATM කාඩ්පතට විද්ද සැරයන්-පීසී ඇතුළු පහක් මාට්ටු
kaalagune Wednesday, 29 May 2024 03:21 PM
කුණුවෙලා ඕජස් ගලන සමාජයක කොහොමද මිත්‍රයා පොලිසියේ සේවයකරන අය විතරක් කුණු නොවී ඉන්නේ? ආචාර ධර්ම, සදාචාර වගේ බර සංකල්ප මේවාගේ සමාජවල නිකන්ම නිකන් වචන විතරයි..
නිහාල් Wednesday, 29 May 2024 04:44 PM
සමාජය කොච්චර සුවඳ උනත් පොලිසිය හැමදාම කුණුවෙච්ච ගමන්ම තමයි. වැටිලා තිබුණු සල්ලි මුදල් අහුලපු මිනිස්සු ඒවා පොලිසියට ගෙනිහින් දෙනව. පොලිසිය අහුලපු ඒවාට ඒ අයම විදිනවා. අනේ මගේ බදු සල්ලි..
Bunny Preena Thursday, 30 May 2024 10:37 AM
කටුකුරුන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පාඨමාලාව මොනවාහරි වෙනස් වීමක් වෙලා වත්ද?
Gniljee Thursday, 30 May 2024 11:36 AM
පොලිසියේ කෙනෙක් පිළිකන්නේවත් ගෙට ගන්න එපා කියන්නේ ඕකට තමයි. OIC කෙනෙක් මීටිමකදී කියලා තියෙනවා... පොලිසිය බල්ලට ගිහින් නැහැ. බල්ලන් තුන් හතර දෙනෙක් පොලිසිය ඇතුළට ඇවිල්ලා කියලා.