
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පොලිස් කොස්තාපල්වරියකට අයත් ඒ ටි එම් කාඩ් පතකින් ඉන්ධන ඇතුළු රුපියල්15,150 භාණ්ඩ ලබා ගත් කන්දේ නුවර පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය කියයි .
අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර කන්දේ නුවර පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකු කොස්තාපල්වරයෙක් බහු කාර්ය සංවර්ධන සහායකවරයෙක් , ලග්ගල පොලිසියට අනුයුක්ත බහු කාර්ය සංවර්ධන සහයකවරයෙක් හා රත්තොට ප්‍රාදේශීය සභාවේ විදුලි කාර්මිකයකුදවන බව පොලිසිය කියයි
ඉකුත් 24 වෙනි දින රාත්‍රී මාතලේ වෙසක් කලාපය පැවති විහාර මාවතේ මාර්ගය වැටී තිබූ ඒ.ටී.එම් කාඩ් පත අහුලාගෙන එමගින් රුපියල් 15,150 මුදල් ඇතුළු දේපළ ලබාගෙන ඇති බව පවසමින් මාතලේ පොලිසියට අනුයුක්ත කාන්තා පොලිස් කොස්තාපල්වරිය පැමිණිල්ලක් සිදු කර තිබූ බව පොලිසිය කියයි.
ඒ සම්බන්ධයෙන් මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශන සිදුකර එම ඒ ටි එම් කාඩ් පත උපයෝගී කරගෙන මාතලේ නගරයේ පෞද්ගලික ඉන්ධන හලකින් සහ සමූපාකාර ඉන්ධන හලෙන් ඉන්ධන හා මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් මාතලේ වෙසක් කලාපයේ පොලිසි ස්ථාන විසින් ඉදිරිපත් කරන ලද වෙසක් කූඩු භාරව පැමිණි කන්දේ නුවර පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා ඇතුළු සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුණුවෙලා ඕජස් ගලන සමාජයක කොහොමද මිත්‍රයා පොලිසියේ සේවයකරන අය විතරක් කුණු නොවී ඉන්නේ? ආචාර ධර්ම, සදාචාර වගේ බර සංකල්ප මේවාගේ සමාජවල නිකන්ම නිකන් වචන විතරයි..
කටුකුරුන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පාඨමාලාව මොනවාහරි වෙනස් වීමක් වෙලා වත්ද?
පොලිසියේ කෙනෙක් පිළිකන්නේවත් ගෙට ගන්න එපා කියන්නේ ඕකට තමයි. OIC කෙනෙක් මීටිමකදී කියලා තියෙනවා... පොලිසිය බල්ලට ගිහින් නැහැ. බල්ලන් තුන් හතර දෙනෙක් පොලිසිය ඇතුළට ඇවිල්ලා කියලා.