IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


’’ඩුබ්ලිකේට් විහාර මහා දේවිය’’ ලක්ෂ තිහක් වංචා කරලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලක් අම්මට අමාරුයි කියමින් කඳුළු සැලූ "ඩුබ්ලිකේට් විහාර මහා දේවිය" රුපියල්  ලක්ෂ තිහක් වංචා කිරීමේ සිද්ධියෙන් ඔවුන්ගේ ඇත්ත හෙළිදරව් වන බව පොදු ජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම ඩුබ්ලිකේට් විහාර මහා දේවිය සමගි ජන බලවේගයටත් ඇතුල් වී තිබෙන බව කී මන්ත්‍රීවරයා මෙවැනි අය ඇතුළත් කර ගැනීමෙන් එම පක්ෂයටත් මොනවා වේදැයි නොදන්නා බව කීය.

"මැතිවරණයක් හරි ඉලක්ක කරගෙන ජනතාවට සහන දෙනවා නම් හොඳ දෙයක්.

අපේ රටේ මැතිවරණ හතරක් තිබෙනවා. අවුරුදු හතරකට මේ මැතිවරණ හතර ආවාම හොඳයිනේ.ජනතාවට හැමදාම සහන ලැබෙනවනේ.

විදුලි බිල සියයට විසි එකකින් අඩුවීම අප කාටත් දැනෙනවා. රුපියල් හාරසියට ඉහළ යාවි යැයි සිතූ ඩොලරය දැන් 308 ක් දක්වා පහත බැස තිබෙනවා යැයි රෝහිත අබේගුණවර්ධන මහතා කීය.



අදහස් (11)

’’ඩුබ්ලිකේට් විහාර මහා දේවිය’’ ලක්ෂ තිහක් වංචා කරලා

Buddika Wednesday, 06 March 2024 02:46 PM

අප්පා... මුන් නම් පට්ට ඩීසන්ට් .දේශපාලනය පටන්ගත් තැන ඉදල ගත්ත පඩිය එකතුකරල ,ඒක වගේ කී ගුණයක් ගසාකාල,හොරකම් කරල අද කතාව බෝදිසත්වයෙක් වගේ.ප්‍රශ්නේ තියෙන්නෙ හොරු දන්නෙ නෑ උන් හොරු බව රටම දන්නා බව

:       8       66

de silva Wednesday, 06 March 2024 03:00 PM

රත්‍රන් හොරා කියන කතාවෙත් යම්කිසි සත්‍යයක් තිබෙනවා , නමුත් සුධන්ත තිලකසිරි වැනි මාධ්‍ය කාරයොත් දමිතට උදවු කරන බව පෙනෙනවා , අර දමිතාගේ ස්වාමිපුරුෂයාට සල්ලි දුන්න කියන මෝඩ මනුස්සයට මාධ්‍යවලින් සාධාරණයක් ඉටුවේද කියන එක සැක සහිතය ,

:       3       42

NirmaliWednesday, 06 March 2024 11:32 PM

යු ටියුබ් චැනල් එකක් තිබුන පලියට, රජයේ මාධ්‍ය වෙඩි අයිඩි එකක් තිබුණාට, සුදන්ත කියන්නේ ඇත්ත මාධ්‍යවේදියෙක් නොවෙයි.

:       0       1

Upali Wednesday, 06 March 2024 03:06 PM

ඩුප්ලිකේට් විහාරමහා දේවියත් ඔරුවක නග්ගල මූදෙ පාකරමු .

:       0       47

අරවින්ද මොනරවිල Wednesday, 06 March 2024 06:04 PM

එයයි ඔබයි අතරේ තියෙන එකම වෙනස එයා ගැහැනියක්, ඔබ පිරිමියෙක්, ඒ හැර ඔබලා ඔක්කෝම එක වල්ලේ පොල්...!

:       0       0

achini Wednesday, 06 March 2024 06:23 PM

ඩොලර්ස් ගේන්න නෙවේ.., උෂ්ණත්වය මනින්නේ... ඒ වුණාට වරාය ඇමැති...

:       0       0

ගමේ එකාලා Wednesday, 06 March 2024 06:50 PM

තමුන් හිතාගෙන ඉන්නේ හරිම සුද්දවන්තයෙක් කියලාද?

:       0       0

shantha Wednesday, 06 March 2024 11:27 PM

මේ කතාව කියන්නේ හරිම පිරිසිදු මහත්තයෙක්නේ...

:       0       2

sam Thursday, 07 March 2024 11:40 AM

වරායේ බත්පැකට් එකෙනුත් ගහන රත්තරන් අංකල්ගේ වගතුගත් ඔය වගේම තමයි.

:       0       2

Sumith Saturday, 09 March 2024 05:13 AM

මාර පොරක් වංචා ගැන කතා කරන්නේ...!

:       0       2

චන්දික Tuesday, 12 March 2024 04:41 PM

එයා හොරකම් කරලා තියෙන්නේ තනි පුද්ගලයෙක්ගෙන් නමුත් නුබ සහ රාජපක්ෂ කල්ලිය හොරා කෑවේ අහින්සක ජනතාවගේ දුප්පත් සල්ලි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site