
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයා හා උප ජනාධිපතිවරයා වන ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටුම් නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා මේ වනවිට පරීක්ෂණ මට්ටමේ පවතින එන්නතක් ලබාගෙන ඇත.
ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටුම් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි අගනුවර පාලකයා ද වේ. මීට පෙර ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිලධාරීන් කිහිපදෙනකු පරීක්ෂණ මට්ටමේ පැවැති එන්නත් ලබාගෙන තිබිණි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද මේ වනවිට නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා සොයාගන්නා ලද එන්නත් සංවර්ධනය කරමින් සිටින අතර එන්නත් දෙකක් මේ වනවිට සායනික මට්ටමේ පරීක්ෂණ සඳහා යොමු කර ඇත.
ඉන් එකක් චීනයේ දැවැන්ත ඖෂධ සමාගමක් වන සිනෝෆාම් හි නිෂ්පාදිත එන්නතක් වන අතර අනෙක රුසියාවේ නිෂ්පාදිත එන්නතකි. රුසියාවේ නිෂ්පාදිත එම එන්නත ස්පුට්නික්-V යනුවෙන් නම් කර ඇත. ස්පුට්නික්-V යනු සෝවියට් සමයේ චන්ද්‍රිකාවකට යෙදූ නමකි.
ඒ.එෆ්.පී./රොයිටර්
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd