IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඩිපෝ මුරකරු ඝාතනය කර ලක්ෂ නවයක් කොල්ලකාලා

(රංජිත් රාජපක්ෂ)               

නුවරඑලිය ලංගම ඩිපෝවේ සේවය කළ මුරකරුවෙකු ඝාතනය කර ඩිපෝව තුල බැංකු ගත කිරිමට තිබු ලක්ෂ නවයකට ආසන්න මුදල් කිසියම් පිරිසක් සොරකම් කිරිම සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය විමර්ෂණයක් ආරම්භ කර ඇත.

මෙසේ ඝාතනයට ලක් වි ඇත්තේ එම ඩිපෝවේ මුරකරුවෙකු වශයෙන් සේවය කළ නුවරඑලිය ගල්පාය ප්‍රදේශයේ පදිංචිව සිටි කේ.ලෝගෙෂ්වරන් නැමති 85 හැවිරිදි අයෙකි.

මුරකරු ඝාතනය කර ඩිපෝවේ අල්මාරියක් තුල තිබු රු ලක්ෂ නවයකට ආසන්න මුදලක් කිසියම් පිරිසක් රැගෙන ඇති බවට දැනට කර ඇති මුලික විමර්ෂණ වලදි අනාවරණය වි ඇත.

මුරකරු ඔහුගේ ආරක්ෂක කුටියේ රැදි සිට ඇති බවත්, එම අවස්තාවේ කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙකු තියුණු අයුධයකින් ඔහුගේ හිසට පහර දි ඝාතනය කර මුදල් රැගෙන ගොස් ඇත.

ඝාතනය සිදු වු අවස්තාවේ එම ඩිපෝවේ ස්ථාන භාර නිලධාරිවරයා සහ මුදල් අයකැමි ඩිපෝව තුල රැදි සිට ඇතත්, ඔවුන් නින්දට ගොස් සිටියදි මෙම ඝාතනය සිදු කර ඇති  බව පොලීසිය කියයි.



අදහස් (0)

ඩිපෝ මුරකරු ඝාතනය කර ලක්ෂ නවයක් කොල්ලකාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site