(දයාරත්න ඇඹෝගම)

ජාතියෙන් සමුගත් ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ 34 වන ගුණ සැමරුම අද (08) දින අනුරාධපුර රෝහල් වට රවුමේ පිහිටි ඩෙන්සිල් කොබ්බෑකඩුව පිළිරුව අබියස දි පැවැත්වුණි. 

රුදුරු ත්‍රස්තවාදයෙන් රට මුදවා ගැනිමේ ක්‍රීයාන්විත රාජකාරියේ යෙදී සිටිය දී 1992 වර්ෂයේ අගෝස්තු 08 වන දින යාපනය අරාලි තුඹුවේ දී බිම් බෝම්බයකට හසුවීමෙන් කොබ්බෑකඩුව මහතා ජිවිතක්ෂයට පත්විය. 

මෙම ගුණ සැමරුම් උත්සවය පැවැත්වුණේ , යුධ,ගුවන් ,නාවික හමුදා නිලයන් , ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් ඇතුළු පිරිසකගේ සහභාගීතවයෙනි. 

මේ අවස්ථාව සඳහා කොබ්බෑකඩුව මහතාගේ බිරිඳ වන ලලී කොබ්බෑකඩුව මහත්මිය  ඇතුළු පවුලේ ඥාතීන් , ආරක්ෂක සේනා මූලස්ථාන වන්නි ආඥාපති හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ කර්නල් සේනාවිධායක මේජර් ජනරාල් ශාන්ත හේවගේ , 21 වන පාබල සේනාංකාධිපති හා ශ්‍රී ලංකා සන්න හා සන්නද්ධ බළකායේ කර්නල් සේනාවිධායක මේජර් ජනරාල් කමින්ද සිල්වා යන නිලධාරින් ද ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගී වූහ.