
(විමුක්ති එස් රුද්රිගූ)
ඉරාන උත්තරීතර නායක මොජ්තබා කමේනි දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත් කොයි මොහොතක හෝ ඔහු මියයා හැකි බවත් ඉරාන් වයර් පුවත් සේවය පසුගියදා වාර්තා කළේය.
පසුගිය පෙබරවාරි 28 වැනිදා ඇමෙරිකාව, ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව මෙතෙක් ඉරාන උත්තරීතර නායකයා කිසිදු රජයේ රැස්වීමකට සහභාගීවී නොමැති බවත් ප්‍රසිද්ධියේ පෙනී සිට නොමැති බවත් එම පුවත් සේවය සඳහන් කළේය.
ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන්ට සමීපතම ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉරාන් වයර් පුවත් සේවය මෙම පුවත වාර්තා කර තිබිණි.
උත්තරීතර නායකයා මියගිය බවට වාර්තා වුවහොත් තමන් පුදුමයට පත් නොවන බවද එහිදී ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.
ඇමරිකාව ඉරානයට පහර දුන් දින සිට මෙතෙක් කමේනිගේ හඬ පටයක් නිකුත්වී නොමැතිි බවත් රජයේ නාලිකාවලට ලැබී තිබුනේ ලිඛිත ප්‍රකාශයන් දෙකක් පමණක් බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
උත්තරීතර නායක මොජ්තබා කමේනි නියෝග ලබා දෙන්නේද මැදිහත්කරුවන්ගේ මාර්ගයෙන් බව ආරංචි මාර්ග පැවසුවේය.
උත්තරීතර නායකයා සමග කටයුතු කිරීම අපහසු බව ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන්ද ප්‍රකාශ කර තිබෙන බව ඉරාන් වයර් පුවත් සේවය පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනින්ම සුවයම ලැබේවා
ඉරානයේ " උත්තරීතර නායකා " කියා ගන්නා, මොජ්තබා කමෙනී, අපායගාමී වෙලා දැන් මාස ගණනක් ගතවූ පසු, රටේ ජනාධිපති යයි කියාගන්නා ගොබෙල්ස් න්යායධිරී, මසූද් පෙසෙෂ්කියාන් ලොක්කාට කමෙනී මුන ගැහුනේ කොහොමද ? සමහරවිට මසූද් කමෙනීගෙ අවතාරය නැත්නම් හොල්මන දකින්න ඇති. මසූද් කියන පරිදි ඔහුට ආගමික නායකයා මීට් උනේ කළු වීදුරු සවිකරන ලද වාහනයක් අසලදීය. ඔවුන් දෙදෙනා අතර අතට අත දීමක් සිදුවී නොමැත. සාමාන්‍යයෙන් අවතාර හොල්මන් හිරු එළියට බිය නිසා කළු වීදුරු සවිකරන ලද වාහන සහ අතට අත දීමෙ කථාව සත්‍යයක් වෙන්නත් පුළුවන්. අවතාර හොල්මන් පිට අය සමග සාකච්ඡා කරන්නේ අතර මැදියන් සමග බවත් ඒවා ඉතා අපහසු බවක් අප දන්නා කරුණකි. මසූද් කියන කථාව තරමක් නිවැරදිය...
උත්තරීථයෙන් වුණේ මිනිසුන්ට / ලෝකයට හානියක් මිස හොඳක් නොවේ. දැන්වත් ප්රජාතන්ත්රවාදයට යොමු වෙන්න.