
(විමුක්ති එස් රුද්‍රිගූ)
අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයන් සහ ඔවුන්ගේ බෝට්ටු ඉතා ඉක්මනින් නිදහස් කරගෙන නැවතත් ආරක්ෂිතව ඉන්දියාවට පිටුවහල් කර ගැනීම සඳහා විවිධ ද්වී පාර්ශ්වික යාන්ත්‍රණයන් ඔස්සේ අඛන්ඩව මධ්‍යම රජය ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යය ආචාර්ය එස්.ජයිශංකර් මහතා එරට පාර්ලිමේන්තවේදී ප්‍රකාශ කළේය.
ඉන්දීය ධීවරයන්ගේ විශේෂයෙන් තමිල්නාඩු ධීවරයන්ගේ ආරක්ෂාවට මධ්‍යම රජය සැම විටම ප්‍රමුඛතාව ලබාදෙන බව විදේශ කටයුතු අමාත්‍යවරයා එහිදී පැවසුවේය.
මෙරට අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයන් සහ ඔවුන්ගේ බෝට්ටු ඉක්මනින් මුදාගැනීමට ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව කටයුතු කරමින් සිටින බවද ඔහු කීවේය.
ඉන්දියාවේ ස්ථාවරය නම් මෙම ගැටලුව සම්බන්ධයෙන් මානුෂීය අයුරින් බැලිය යුතු බවත් එයට හේතුව මසුන් ඇල්ලීම තමිල්නාඩු ධීවරයින්ගේ ජීවනෝපාය බවත් යැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යය ආචාර්ය එස්.ජයිශංකර් මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දත්ත වාර්තා වලට අනුව මෙම වසරේ ආරම්භයේ සිට මේ දක්වා මෙරට ආරක්ෂක අංශ ඉන්දීය ධීවරයන් 119 ක් සහ බෝට්ටු 17ක් අත්අඩංගුවට ගෙන ඇත.
එසේම පසුගිය වසරේදී මෙරට ආරක්ෂක අංශ ඉන්දීය ධීවරයන් 317ක් සහ බෝට්ටු 43ක් අත්අඩංගුවට ගෙන ඇති අතර 2024 වසරේදී ඉන්දීය ධීවරයන් 526ක් සහ බෝට්ටු 72ක් අත්අඩංගුවට ගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මසුන් ඇල්ලීම ඉන්දියානු ධීවරයන්ගේ පමණක් නොව ලංකවේ ධීවරයන්ගේද ජීවනෝපාය වේ. ලංකාවේ මුහුදු සිමාවේ මසුන් ඇල්ලීම සිදුකරන්නේ ලංකවේ ධීවරයන් වේ. එය ඔවුන්ගේ නිත්යානු මුහුදු කලාපය වේ. ලංකවේ මුහුදු සීමාව තුල ඉන්දියානු ධීවරයන් මසුන් ඇල්ලීම ශ්‍රී ලංකවේ මුහුදු සිමාව උල්ලංගනය කිරීමකි. ඉන්දියානු ධීවරයන් ශ්‍රී ලංකවේ අත්අඩංගුවේ සිටින්නේ ප්‍රධන වසයෙන් මසුන් මැරීම නිසා නොව ශ්‍රී ලංකවට අයත් මුහුදු සීමාවට පැමිණීම නිසාවෙනි. ඉන්දීය මද්යම රජය සහ තමිල් නඩු රජට එක්ව සකජාකර ඉන්දියානු ධීවරයන් දැනුවත් කර ඉන්දියානු මුහුදු කලාපයේ රැදී සිටීමට උපදෙස් ලබාදීම කලයුතුවේ. එසේ නොවන්නට ඔවුන් ශ්‍රී ලංකවට අයත් මුහුදු සීමාවට පැමිණ මසුන් මැරීමේදී පොලිස් බාරයට ගැනුන හොත් ඔවුන්ව නිදහස් කිරීමට "එක් ධීවරයකුට ඉන්දියානු රුපියල් ලක්ෂයක්" වැනි විශාල දඩ මුදලක් ලංකවේ රජයට ගෙවීමට ඉන්දියානු ධීවරයන්ට සිදුවිය හැකිය. ලංකවේ ධීවරයන් ඉන්දියානු සීමාවට පැමිණිය හොත් ඒ ආකාරයෙන්ම නීතිය ක්‍රියාත්මක විය යුතුවේ.
සාකච්ඡා කර කර කර ඉමු. එහෙමනේ ප්‍රශ්න විසඳන්නේ.
බැරිද රටවල් දෙකේම නාවික හමුදා වලට එකතුවෙලා බොයා ටිකක් දමල දේශ සිමා ආරක්ෂක කටයුතු සහයෝගයෙන් කරගන්න , සිත මතාම දේශ සිමා උල්ලංගනය කලොත් මොන රටේ වුනත් නඩු වැටෙනවා , හිරේ යන්න වෙනවා , ඉන්දියාවේ කියල වෙනසක් නැහැ