IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණය හමුවට

ඇමෙරිකාවේ හිටපු ජනාපධිති ඩොනල්ඩ් ට්‍රම්ප්, වොෂින්ටන් අගනුවර අපරාධ අධිකරණය හමුවේ පෙනී සිටියේය.

2020 වසරේ පැවැත්වුණු ජනාපධිතිවරණයේ ප්‍රතිඵල පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින්, ආධාරකරුවන් උසි ගන්වා, කොංග්‍රස් මණ්ඩලයේ කටයුතුවලට බාධා කිරීම සහ වොෂින්ටන් කැපිටල් ගොඩනැගිල්ලට (ඇමෙරිකන් පාර්ලිමේන්තුව) පහරදීමට සැලැස්වීම සම්බන්ධයෙන් චෝදනා 4 ක් ට්‍රම්ප්ට එල්ල වී තිබේ.

ට්‍රම්ප්, වත්මන් ඇමෙරිකන් ජනාධිපති ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන්ට පරාජය වූයේ 2020 ජනාධිපතිවරණයෙනි. එම ජනාධිතිවරණයේ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරමින්, ට්‍රම්ප්ගේ උසි ගැන්වීමෙන් ඔහුගේ ආධාරකරුවන් කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුණේ 2021 ජනවාරි 6 වැනිදාය.

වොෂින්ටන් අගනුවර බැරට් පෙටි්‍රමෑන් අධිකරණය හමුවේ පෙනී සිටි ට්‍රම්ප්ට චෝදනා 4 ඉදිරිපත් කෙරුණු අතර, එම චෝදනාවලට තමන් වරදකරු නොවන බව ඔහු විනිසුරු මොක්සිලා උපදායා හමුවේ පැවැසීය.

ට්‍රම්ප් නීතීඥවරුන් පිරිවරා ගනිමින්, සිය පෞද්ගලික ගුවන් යානයෙන්, නිව් ජර්සි නුවර නිවසේ සිට වොෂින්ටනයේ ඊ බැරට් පෙට්‍රිමැන් අධිකරණයට පැමිණ තිබුණි. අධිකරණ ගොඩනැගිල්ල ආශ්‍රිතව ආරක්ෂාව තර කිරීමට පොලිසිය පියවර ගෙන තිබුණි. ට්‍රම්ප් යළි අගෝස්තු 28 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බව ද පැවැසෙයි.



අදහස් (0)

ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණය හමුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 33 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 189 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 527 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site