IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඩිනාරා ආසියාවේ ප්‍රබලයන් අතරට

(විමුක්ති එස් රුද්‍රිගු)

ෆෝබ්ස් සඟරාව නවවැනි වරටත් පසුගියදා ප්‍රකාශයට පත් කළ "30 අන්ඩර් 30 ඒෂියා" ලැයිස්තුවට ඇතුළුවීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක සහ චිත්‍රපට නිෂ්පාදිකාවක වන ඩිනාරා පුංචිහේවා මහත්මිය සමත් වූවාය.

මෙම ලැයිස්තුවට ආසියා පැසිෆික් කාලාපයේ වෙනසක් ඇතිකළ ව්‍යවසායකයන්, නායකයන් සහ විවිධ ක්ෂේත්‍රවල පුරෝගාමීන් 300 දෙනෙකු ඇතුලත් වී ඇති අතර ඒ සියලු දෙනාම වයස අවුරුදු 30 ට අඩුවීම විශේෂත්වයකි. ආසියා පැසිෆික් කාලාපයේ අවධානය යොමුකළ යුතු පුද්ගලයන් "30 අන්ඩර් 30 ඒෂියා"ලැයිස්තුව මගින් ෆෝබ්ස් සඟරාව ප්‍රකාශයට පත් කරනු ලබයි.

කාණ්ඩ 10ක් යටතේ මෙම ලැයිස්තුවට පුද්ගලයන් තෝරාගෙන ඇති අතර රසවින්දන සහ ක්‍රීඩා අංශයෙන් ඩිනාරා පුංචිහේවා මහත්මිය මෙම ලැයිස්තුවට ඇතුලත් වූවාය. ඩිනාරා පුංචිහේවා මහත්මිය 2018 වසරේදී ඇයගේම චිත්‍රපටයක් වන මාලා ඔස්සේ චිත්‍රපට ක්ෂේත්‍රයට පැමිණියාය.මාලා චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා උළෙලකදී ප්‍රදර්ශනයවීමත් සමඟ චිත්‍රපට නිෂ්පාදක ප්‍රසන්න විතාන මහතාගේ අවධානය එම චිත්‍රපටය සඳහා යොමු වී ඇති අතර එහි දැක්වු කුසලතාවය හේතුවෙන් ගාඩි චිත්‍රපටයට රංගන දායකත්වය ලබා දීමට ඩිනාරා මහත්මියට ප්‍රසන්න විතානගේ මහතා ආරාධනා කර තිබිණි.

ඩිනාරා මහත්මිය ලන්ඩනයේ ක්වීන් මේරි විශ්ව විද්‍යාලයේ උපාධිධාරිණියක් වන අතර ඇය අඩු ආදායම්ලාභී පවුල්වල ළමුන් නාට්‍ය හා රංගනයට අවතීර්ණ වීමට අවස්ථාව ලබා දෙන පුංචි ඇක්ටර්ස් නම් ලාභ නොලබන ආයතනයේ නිර්මාතෘවරියද වූවාය.



අදහස් (11)

ඩිනාරා ආසියාවේ ප්‍රබලයන් අතරට

Mithrasiri Saturday, 18 May 2024 11:01 AM

නම ඇහුවෙත්‍ අදයි.

:       38       50

fairoos Saturday, 18 May 2024 12:36 PM

සුබපැතුම්...!

:       18       78

A.V.S.A.Premachandra Saturday, 18 May 2024 01:20 PM

සුබපැතුම්...!

:       16       67

නිමල් Saturday, 18 May 2024 03:50 PM

සුබ පතමු!!!

:       17       41

Lakshitha Saturday, 18 May 2024 04:05 PM

ඔන්න බලන්නකෝ ජෙප්පෝ ටික ඇවිත් මෙතුමියත් හොරකම් කරා කියලා නොකිව්වොත් ලෝක පුදුමයක් වෙනවා. ඔවුන්ගේ ජානගත කුහකකම යවන්නම බෑ...

:       31       83

Kasun Saturday, 18 May 2024 04:48 PM

ලක් අම්මා නෙමේද ?අඅපේ කොල්ලෝ අහුවෙනම් ලක් අම්මා කියන දේ

:       17       50

Wikash Saturday, 18 May 2024 08:41 PM

ලක් අම්මලා, ලක් අයියලා, ලක් අප්පුච්චා, අක්කා, ඔක්කොම සුපිරි තක්කඩි ටිකක්නේ. මෝටිවේශන් කරපු එක්කෙනා නම් බස් එකක් අරන් තියෙනව ඒ කාලෙ හම්බෙච්ච සල්ලි වලින්. ‍රැටිස්ට හම්බුනා කියපු ලක්ශ 50 ආපහු දෙන්න ඇති නේ. මොකද හෙන උවමනාවක් තිබුනනේ හොරු අල්ලන්න. ඊලඟ මිලියනපතියො බිහිකරපු අරගලෙන් ගොඩගිය සෙට් එක තමා ඉතින්. මේ වගේ මහන්සි වෙලා කැප වෙලා ඉගෙනගෙන කරපු ජීවන අරගලයක් නෙමේ ඒක.

:       1       14

සෙනෙවිරත්න Sunday, 19 May 2024 06:29 AM

ලක්සිත, ජෙප්පො හොරකම් කරන කතාවට කලින් මොකද නොකියන්නෙ, ඩොලර් කාක්කියක්, එන් ජී ඕ කාරියක්, විදේශ කුමන්ත්‍රණ කාරියක්, කියල මොකද ජෙප්පො ගැන කුලප්පුව තියෙන කට්ටියගෙ පොදුු ලක්ෂණයක් මේ වගේ අයට අර ලේබල් ඇලවීම.

:       3       1

සෙනෙවිරත්න Sunday, 19 May 2024 06:32 AM

හොරාට හොරා කීවම හොරුන්ගෙ කටින් විසිවෙන මස්කටු කාල තරවෙච්ච අය, තමනුත් මහලොකු සල්ලි කාරයො කෙරුම් කාරයො කියන අයට හරිිම අමාරුයි ජවිපෙට එක්වෙන ජනරැල්ලට

:       5       1

සෙනෙවිරත්න Sunday, 19 May 2024 06:33 AM

රටට කීර්තියක් දෙන මේ වගේ කාන්තාවන්ට එන් ජී ඕ ලේබලය අලවන පොහොට්ටු කල්ලිය මොකද නිහඬ?

:       4       1

සෙනෙවිරත්න Sunday, 19 May 2024 06:37 AM

විකසිත්, ඉතින් ඔය ඕපදූප කියන්නෙ නැතිව යන්නකෝ මූල්‍ය අපරාධ අංශයට, හොයන්න බැරි සල්ලි තියෙනව කියල, තමන්ගෙ ආණ්ඩුව නේද? එහෙම නැත්නම් තමන්ගෙ කට්ටිය බේරන එම ආයතන ගැන විශ්වාසයක් නැද්ද තමන්ලටවත්

:       7       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 715 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17942 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 767 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site