IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඩැන්ඩෙක්ස් වෙතින් නව නිෂ්පාදන පෙළක්

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සමාගමේ ප්‍රමුඛතම ඉස්සොරි මර්දන ෂැම්පු නිෂ්පාදනයක් වන  ඩැන්ඩෙක්ස් ශ්‍රී ලංකාවේ කාන්තා පාර්ශවයට ගැළපෙන සහ ඔවුන්ගේ හිසකෙස් ආශ්‍රිත ගැටලු‍වලට අදාළ විසඳුම් ලබා දෙමින් ඩැන්ඩෙක්ස් Head & Hair නව නිෂ්පාදන පෙළ හඳුන්වා දී තිබේ.  නව ඩැන්ඩෙක්ස් Head & Hair වෙළඳපොළට හඳුන්වා දෙන්නේ 2 in 1 නිෂ්පාදනයක් ලෙස බවත් එනම් එය ඉස්සොරිවලට එරෙහිව සටන් කරන අතරම, නිරෝගී හිස්කබලක් සහ සිනිඳු, සුමුදු කෙස් කළඹක් ලබාදෙන බවත් එම සමාගම සඳහන් කරයි.

ඩැන්ඩෙක්ස් Head & Hair නව නිෂ්පාදන පෙළ Power Moisture, Strong & Nourish සහ Healthy & Freshයන ෂැම්පු ප්‍රභේද  03කින් සමන්විතයි. මෙම සෑම ප්‍රභේදයක්ම හිස්කබල සහ හිසකෙස් පෝෂණය, මොයිස්චරයිසින් සහ පිරිසුදු කිරීම සඳහා සකස් කර ඇති අතර පාරිභෝගිකයාගේ ජීවන රටාව මත පදනම්ව මතු වී ඇති විවිධ පාරිභෝගික අවශ්‍යතා රැසකට විසඳුම් සපයයි. ඩැන්ඩෙක්ස් මූලික ප්‍රභේදයේ මෙන් ම ඩැන්ඩෙක්ස් - Head & Hair හි සෑම ප්‍රභේදයකම Climbazoleඅඩංගු වන නිසා  Malassezia ඇති කරන ඉස්සොරි තත්ත්වයන්ට එරෙහිව කටයුතු කරන බව සායනිකව සහතික කර ඇත. එසේම මෙම සෑම ප්‍රභේදයකම Provitamin B5 සහ ස්වභාවික සාරයන් ද  අඩංගු වෙයි.

Power Moisture ප්‍රභේදය හිස්කබලේ සහ හිසකෙස් මූලවලට තෙතමනය එක් කිරීම සහ මොයිස්චරයිසින් කිරීම අරමුණු කර ගෙන ඇත. Strong & Nourish ප්‍රභේදය හිසකෙස්වලට අවශ්‍ය පෝෂණය සහ ශක්තිය ලබා දෙමින් හිසකෙස් වැටීම අවම කිරීම සහතික කරයි. තෙල්, බැක්ටීරියා, දුහුවිලි ඉවත් කර, හිස් කබල මෘදු ලෙස පිරිසිදු කරන Healthy & Fresh ප්‍රභේදය හිස්කබලට ප්‍රතිජීවයක් එක් කරමින් හිසකෙස්වලට නැවුම් බවක් ලබා දෙයි.

595



අදහස් (0)

ඩැන්ඩෙක්ස් වෙතින් නව නිෂ්පාදන පෙළක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 320 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 100 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site