IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඩිජිටල් හැදුනුම්පත හදන්න ගිවිසුම්ගත වෙයි

(අංජුල මහික වීරරත්න)

ඉන්දියා ආධාර යටතේ මෙරටට හදුන්වා දෙන නව ඩිජිටල් හැදුනුම්පත හෙවත් සුවිශේෂි ඩිජිටල් හැදුනුම්පත (Unique Digital Identity) සකස් කරන ආයතනය හා ශ්‍රී ලංකා රජය ලබන ඔක්තෝම්බර් මාසයේදී ගිවිසුම්ගත වීමට නියමිතය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.

ඊට අදාළ මූලික පියවර වෙනුවෙන් ඉන්දියා රුපියල් මිලියන 450 ක් ශ්‍රී ලංකාවෙි  ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සාගල රත්නායක මහතාට පිරිනැමීය.

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ලෝකයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රධාන සමාගම් රැසක් නොමිලේ දැනුම මෙරටට පිරිනමන අතර බිල් ගේට්ස් සමාගමේ පදනමක් වන බිල් සහ මිලින්ඩා ගේට්ස් පදනම ද ඒ අතර වේ.

 ඉන්දියාව මේ වන විට ඩිජිටල් හැදුනුම්පතක් එරට ජනතාවට හදුන්වා දී ඇති අතර එම ආකෘතියටම මෙරට ජනතාවටද  ඩිජිටල් හැදුනුම්පතක් නිකුත් කෙරෙනු ඇත.

පුද්ගලයකුගේ ජෛව තොරතුරු(ලේ වර්ගය ආදී තොරතුරු) ඇතුළු සියලු විස්තර ඔහු වෙනුවෙන් වෙන්වූ අන්තර්ජාල ගිණුමක තැන්පත් වෙයි. ඔහුගේ හෝ ඇයගේ අනුමැතිය මත මෙම  සියලු තොරතුරු බැංකු ගණුදෙනු ඇතුළු සියළු කටයුතු වෙනුවෙන් හෝ වෙනත් ආයතනික  අවශ්‍යතා වෙනුවෙන් යොමු කිරීමේ පහසුකම ද මෙම නව හැදුනුම්පත සමඟ ඇතිවනු ඇත. 

පුද්ගලයකුට තම රාජකාරී අවශ්‍යතා ඉටු කර ගැනීම වෙනුවෙන් අදාළ ආයතනය වෙත නොගොස් අන්තර්ජාලය ඔස්සේ කටයුතු කර ගැනීමේ පහසුකම මේ අනුව උදාවනු ඇත.

මුළු රටම ඊ කලාපයක් කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව මෙම ව්‍යාපෘතිය ආරම්භ වන අතර එය ඉන්දියා රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ සිදු වෙයි. ලබන වසර අවසන් වීමට ප්‍රථම ඩිජිටල් හැදුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබේ.

 



අදහස් (3)

ඩිජිටල් හැදුනුම්පත හදන්න ගිවිසුම්ගත වෙයි

Asintha Sunday, 13 August 2023 02:54 PM

ලංකාවේ මිනිස්සුන්ට දැන් තියන ප්‍රධානම ප්‍රශ්නේ මේකද .මෙයාලා සේරම කොමිස් කන්න ප්‍රෝඩාවල් මේවා.මුන් සේරම එල්ලා මරන්න ඕනේ.මේ රටට කරන විනාශයට

:       0       0

Ane den horakala horakala thawath horakanna hadanne ranil ethulu uge samanallu tika id eka hadanna idia walata denne hondata commssion gahanna ewagema langa enna niyamitha election ekata monawahari gi Monday, 14 August 2023 07:44 AM

තවත් හොරාකන්න ඩිජිටල් අයි .ඩී එක හදලා රනිල් සහ උගේ සමනල්ලු ටික

:       0       1

Rata Perata Monday, 14 August 2023 12:45 PM

පේනවා නේද මේ පුංචි මොල වැඩකරන විදිහ...? මේක එකවරක් පමණක් කරන ව්‍යාපෘතියක් නෙවෙයි. රටක සියලුම ජනතාවට අයි.ඩී. එකක් දෙන එක දීර්ඝ කාලීන නොනවතින දෙයක්... මේ ගේ දෙයක් විදේශ රටකින් තාක්ෂණික දැනුම අරගෙන ලංකාවේම කළයුතුයි. මොකද රටේ සියලුම ජනතාවගේ දත්ත පිටරටක යන නිසා... මේ අයට ඒවා වැඩක් නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 386 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site