
(අංජුල මහික වීරරත්න)
නිර්වාසික සැපයුම්කරුවන් විසින් ඉලෙක්ට්‍රොනික වේදිකා හරහා සේවා සැපයීම සඳහා එකතු කළ අගය මත බද්ද බලාත්මක කිරීමේ දිනය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025 අංක 4 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත මඟින් 2025-10-01 දින සිට බල පැවැත්වෙන පරිදි නිර්වාසික නැනැත්තෙකු (Non-resident) විසින් ඩිජිටල් සේවා සැපයීම එකතු කළ අගය මත බද්දට යටත් කර තිබේ.
කෙසේ වුවද, ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බද්ද අය කිරීමේ දී එයට අනුකූල වීම සඳහා සුදානම් වීමට අමතර කාලයක් ලබා දෙන ලෙස ප්‍රායෝගික හේතූන් කිහිපයක් දක්වමින් නිර්වාසික ඩිජිටල් සේවා සපයන්නන් විසින් ඉල්ලා ඇත.
ඒ අනුව, 2025-10-01 දින වෙනුවට අදාළ බද්ද බලාත්මක කිරීමේ දිනය 2026-04-01 ලෙස සංශෝධනය කිරීමටත්, ඒ සඳහා අදාළ සංශෝධිත විධිවිධාන දැනටමත් කෙටුම්පත් කෙරෙමින් පවතින එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා වන කෙටුම්පතට ඇතුළත් කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දෙන ලදී.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඩිජිටල් සේවා වැට් බද්ද කල් දමයි