
(අංජුල මහික වීරරත්න)
රජයේ ඩිජිටල්කරණ ව්‍යාපෘති වෙනුවෙන් සහාය ලබාදීමට ගේට්ස් පදනම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමුවේ සහතික වී තිබේ.
ගේට්ස් පදනමේ ස්වාධීන උපදේශක චන්දිත සමරනායක මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වී සාකච්ඡාවක නිරත විය.
ගේට්ස් පදනම මඟින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කෘෂිකාර්මාන්තය නගා සිටුවීම, පාසල් දිවා ආහාරය ලබා දීම ඇතුළු මෙරට ළමුන්ගේ පෝෂණය වැඩිදියුණු කිරීම, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මානව සම්පත් සංවර්ධනය, පශු සම්පත්, දේශගුණික විපර්යාස ආදි ක්ෂේත්‍රයන්ට අදාළ ව්‍යාපෘති පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
නව රජයේ දූෂණ විරෝධී ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ඩිජිටල්කරණයේ වැදගත්කම පෙන්වා දුන් චන්දිත සමරනායක මහතා රජය ක්‍රියාත්මක කරනු ලබන ඩිජිටල්කරණ ව්‍යාපෘති වෙනුවෙන් මූල්‍යමය, තාක්ෂණික සහ උපදේශන සහාය ලබාදීමට ගේට්ස් පදනම සූදානම් බව ද පැවසීය.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා ද මෙම අවස්ථාවට එක්විය.
2025 දෙසැම්බර් මස 30
16
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඩිජිටල් ව්‍යාපෘති වලට ගේට්ස් පදනමේ සහය