IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඩිජිටල් වෙනසකට Trinocate Lanka Alethea පාසල හවුල්කාරිත්වයක

ප්‍රමුඛ පෙළේ ඉගෙනුම් ප්‍රවර්ධන සැපයුම්කරුවකු වන Trinocate Lanka විසින් රටේ පැරණිතම පෞද්ගලික පාසල්වලින් එකක් වන Alethea සමඟ හවුල්කාරිත්වයකට එළඹෙන ලදී. නවතම Microsoft REST පහසුකම සැපයීම මෙහි අරමුණ වූ අතර ශ්‍රී ලාංකික පාසලක් තුළ මෙම REST වැඩසටහන සිදුකරනු ලබන ප්‍රථම අවස්ථාව මෙය වේ. සිසුන්ට මෙම REST වැඩසටහන හඳුන්වා දීමෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ ඔවුන්ගේ දැනුම වැඩිදියුණු කිරීම සිදුකෙරේ.

Alethea හි කළමනාකාර අධ්‍යක්ෂිකා/ සම්බන්ධීකරණ විදුහල්පතිනි අනිට්‍රා පෙරේරා මහත්මිය මෙම වැඩසටහන පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වූවාය. “අපගේ විෂය නිර්දේශයට REST හඳුන්වාදීම පාසල තුළ ඩිජිටල් වෙනසක් ඇති කිරීමට හේතු වෙනවා. මෙම වැඩසටහනේ ප්‍රථම අදියර වන්නේ අපගේ සිසුන් අනාගත ඩිජිටල් ලෝකයට සූදානම් බව හඳුනා ගැනීමයි. එයින් අප ලබා දෙන අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නැංවීමද සිදුවෙනවා”‍ ලොව පුරා ආයතන විශාල ප්‍රමාණයක් විසින් භාවිතා කරනු ලබන Microsoft 365 යොදාගනිමින් මූලික මට්ටමේ සිට පුහුණුව ලබා දීමෙන් REST වැඩසටහන තොරතුරු තාක්‍ෂණික අධ්‍යාපනය තුළ පවතින හිඩැස පුරවනු ලබයි. 

මෙම වැඩසටහන මගින් සිසුන්ගේ ඵලදායිතාව සහ ඔවුන්ට ඔවුන් කෙරෙහි ඇති විශ්වාසය වැඩිදියුණු කිරීම සිදුවන අතර එමගින් අනාගතයේදී දක්‍ෂ සහ කාර්යක්‍ෂම ශ්‍රම බලකායක් ගොඩනැගීමට මග පාදයි.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (0)

ඩිජිටල් වෙනසකට Trinocate Lanka Alethea පාසල හවුල්කාරිත්වයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site