
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පරිගණක සංගමය සංවිධානය කරන 41 වැනි වාර්ෂික ‘ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය’ට සමගාමීව ශ්‍රී ලංකා ආර්ථිකය තොරතුරු තාක්‍ෂණය ඔස්සේ පණ ගැන්වීමේ ‘ඩිජිටල් ආර්ථිකය 2030’ ප්‍රතිපත්ති මාලාව සහ වැඩසටහන කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී ලබන ඔක්තෝබර් මස 11 වැනිදා එළිදක්වන බව ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති ආචාර්ය අජන්ත අතුකෝරළ මහතා අද (20) පැවසීය.
මෙවර ‘ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය ඔක්තෝබර් මස 11 වැනිදා සිට 13 වැනිදා දක්වා පැවැත්වෙන බව කී අජන්ත අතුකෝරළ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෘජු මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කරන ‘ඩිජිටල් ආර්ථිකය 2030’ ප්‍රතිපත්ති මාලාව එළිදැක්වීමේ අවස්ථාව ලැබී ඇති බව ද සඳහන් කළේය.
‘ඩිජිටල් ආර්ථිකය 2030’ ප්‍රතිපත්ති මාලාව සකස් කිරීමේ විද්වත් කමිටුවේ සාමාජික ශ්‍රී ලංකා පරිගණක සංගමයේ භාණ්ඩාගාරික ඉන්දික ද සොයිසා මහතා පැවසුවේ පාලකයන් වෙනස් වුවද මෙම ප්‍රතිපත්ති මාලාව වෙනස් නොවන ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පක්‍ෂ සහ විපක්‍ෂ අනුමැතිය ගන්නා බවට පොරෛාන්දුවක් දී ඇති බවත් ඒ අනුව කාලයත් සමඟ සිදුවන වෙනස්කම් හැර ප්‍රතිපත්තියේ වෙනස් නොවන බවත්ය.
මෙවර සම්මන්ත්‍රණයේ ව්‍යාපෘති භාරකර ආචාර්ය නිරෝෂා වෙදසිංහ මහත්මිය පැවසුවේ මූල්‍ය, අධ්‍යාපන, ප්‍රවාහන, තොරතුරුවල ආරක්‍ෂාව, කෘෂිකර්මය සහ සෞඛ්‍ය යන කාණ්ඩ 6 ක් යටතේ විශාල පෙරළියක් කිරීමට නියමිත බවය.
‘ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය’ පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් පැවැති විශේෂ මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා පරිගණක සංගමයේ ලේකම් හෙෂාන් කරුණාරත්න සහ එම සම්මන්ත්‍රණයේ ප්‍රධාන අනුග්‍රහකයා වන ‘මාස්ටර් කාඩ්’ ආයතනයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින කළමනාකරු සඳුන් හපුගොඩ යන මහත්වරු ද සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd