
(යොහාන් භාසුර)
ඩිජිටල් අපනයන මත ආණ්ඩුව පනවා ඇති සියයට 15 ක බද්ද අවලංගුකිරීමට වාහාම කටයුතු කළ යුතු බවත් මෙම තීරණය ආණ්ඩුව දුරගිය නොබලා, සැලැස්මක් නොමැති කරන සෙසු කටයුතු මෙන්ම කළ ක්‍රියාවක් ලෙස දකින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අද (27) පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ අද (27) පැවැති මාධ්‍ය හමුවේදී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
ඩිජිටල් අපනයන මත සියයට 15 ක බදු පැනවීම රට ඩිජිටල්කරණයට ගෙනයෑමට අවශ්‍ය මෙවැනි අවස්ථාවක කළ මෝඩ ක්‍රියාවක් බව කී කාරියවසම් මහතා රටට ඩොලර් ලැබෙන ආර්ථික ක්‍රමවේදයන් මාරා දැමීමට කළ ක්‍රියාවක් බව ද සඳහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණ බොරුවෙන් බලය ලබාගත්ත ද බොරුවෙන් රට පාලනය කළ නොහැකි යැයි මෙවැනි ක්‍රියාවලින් පැහැදිළි වන බවත් මෙරට ඩිජිටල් ආර්ථිකයට සම්බන්ධ වී සිටින කීපදෙනාත් ඉන් ඉවත්වීමෙන් රටට විදේශ විනියම එන ක්‍රමයන් අවහිරවීමේ අවදානමක් ඇති බවත් කාරියවසම් මහතා පැවසීය.
වර්තමාන රජය බලයට ගෙනඒමට වැඩියෙන්ම වැඩ කළ තරුණ පරපුරට සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට පහරදීම ආණ්ඩුව ආරම්භ කර ඇති බවත් ජනාධිපති අනුර ක-ුමාර මහතා ඇතුළු ආණ්ඩුවේ පුද්ගලයන් පැතිරවූ බොරු වැඩි ප්‍රමාණයක් ටික්ටොක් සහ යූටියුබ් ආදි මාධ්‍ය හරහා ප්‍රචාරය කළ බවත් ඒ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්මා හොරු.
මේකත් ඉතින් ආදි කාලේ සුද්දෝ පණවපු බලු බද්ද, ඇඟ බද්ද වගේ ජරා බද්දක්. කෝටි ගණන්වලින් බිස්නස් කරන ලොකු සමාගම්වලට 30% බද්ද 15% අඩු කරලා තනියම වැඩ කරන පොඩි කොල්ලන්ටත් ඒ 15% ම ගෙවන්න නියම කරපු ආණ්ඩුව. මේක පුදුමයකුත් නෙවෙයි. ලීසිංකාරයෝ කළුකඩ සේල් කාරයෝ ආරක්ෂා කරන්න වාහන බදු වැඩි කරපු ආණ්ඩුවම තමයි මේ.
මේ සාගර කාරියවසම් කියන අපත කුක්කා කියන විදියට ආණ්ඩුව කරන්න ඕනි.
ඒකනේ. අපේ පිහිටෙන් රනිල් රාජපක්ෂ පැනවූ බදු සේරටම වඩා මේක භයානකයි නේ...!
බදු සහන දෙනවා, වැට් බද්ද බිංදුව කරනවා, කෑම බීමවල බදු ඉවත් කරනවා කියලා මිනිස්සුන්ව රවට්ටලා ඡන්ද අරන් ඒ පොරොන්දු අමු අමුවේ කඩ කරලා විතරක් නෙවෙයි දැන් තව අළුත් බදුත් ගහනවා. දුර දිග නොබලා සුන්දර වචන වලට රැවටිලා ඡන්දේ දීලා දැන් අමාරුවේ වැටිලා ඉන්න ජනතාවට මේවා හොඳ පාඩම්.
මිනිස්සුගේ මූලික අවශ්‍යතාවන ආහාර, ඖෂධ හා දරුවන්ගේ අධ්‍යාපන උපකරණවලට බදුගහන විට හීන් කෙදිරියක්වත් නැතුව බල්ලෝ වගේ හිටිය එවුන් දැන් ගහක කොලයක් හෙල්ලුනොත් බුරන්න පටන් ගන්නවා. සාගර උඹ දන්නේ මාධ්‍ය සාකච්ඡා තියන්න විතරයි කියලා අපි දන්නවා. එනිසා උඹ ඒක කරගෙන හිටපං නීතිඤයෙක් කිව්වට උබ කවදාවත් උසාවියේ නඩුවකට පෙනි ඉන්නවා අපි දැකලා නැහැනේ.
ලෝයර්ස්ලාත් ආදායම් බදු ගෙවන්නේ නෑ නේද? ඒ නිසා මෙයා කියන එක ගණන් ගන්න ඕනෑ නැහැ.
ආණ්ඩුව ගත්තු මෝඩ තීරණයක් මේක කිසිම බදු ප්‍රතිපත්තියක් නොගෙන තමන්ගේ හැකියාවෙන් තමන්ගේ වියදමින් මහන්සිය හා කැපකිරිම් තුළින් රටට ඩොලර් ගේන පිිරිසට මෙහෙම බද්දක් පනවිම අන්තිම අසාධාරණයි
මෙම බද්ද අහෝසි කිරීමට කිසිම් හේතුවක් නැහැ . තමන් උපයන ආදායමට බද්දක් ගෙවීම මේ රටේ ජනතාව කළ යුතු දෙයක් . වෙන බොහෝ රටවල මේක වෙනවා . දේශපාලන වාසි තකා මෝඩ කතා නොකිය ඉන්නවනම් ?
ආදායමේ හැටියට බදු ගැහුවට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒවා විනිවිද භාවයකින් යුතුව ක්‍රියාවේ යොදවන්න. ඒ වගේම තමයි ... තවත් බදු ලබාගන්න පුළුවන් මාර්ග රැසක් තියෙනවා. ඒවා ගැන පොඩ්ඩක් බලන්න. ඒ වගේම තමයි අවුරුදු 30ක් මෙපිට සෑම පුද්ගලයෙක්ම ළඟ ඇති දේපළ, මිලමුදල් විගණනය කරන්න. එහෙම කරලා ඒවා ආපු විදිහ ඔප්පු කරගන්න බැරි ඔක්කොම රාජ සන්තක කරන්න පනතක් ගේන්න. හොරු අල්ලන්න ඕනෙත් නැහැ අමතරයෙන්... ගොඩක් ප්‍රශ්න ඉවරයි.