(සුජිත් හේවාජුලිගේ)

මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,114 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන එ්කකය පවසයි.

මේ දක්වා වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව  57කි

කෙසේ වෙතත් අද දිනයේදී මරණ අනුපාතය දැක්වෙන්නේ 0.07%ක් ලෙසය.

වාර්තා අනුව, ජූනි (21,534) සහ ජූලි (24,739) මාසවලදී ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇත.

ඒ අනුව 2026 වසරේ 29 වන සතිය වන විට අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) බලප්‍රදේශ සංඛ්‍යාව 175ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 2,391ක් ලෙස සටහන් වේ