
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ගෝලීය තීරු බද්ද යටතේ පැනවීමට යෝජනා කර තිබූ සියයට 44 ක තීරු බද්ද සියයට 10 දක්වා අඩුකර ගැනීමට ලැබීම මෙරට ලැබූ ජයග්‍රහණයක් බව ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා අද ප්‍රකාශ කළේය.
ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස තමාගේ නිල කාලය තවත් දින කීපයකින් අවසන් වන බවත් ලැබූ ජයග්‍රහණය ඉදිරියට ගෙන යාම සඳහා ඉල්ලීමක් කළහොත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ රජයට සිය සහාය ලබාදීමට සූදානම් බවත් ඔහු පැවැසුවේය.
මෙරටට තවත් අභියෝග ජයගැනීමට තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ශක්තිමත් ද්වී පාර්ශ්වික සබඳතා, ජනධිපති අනුර කුමාර දිසානායක මහතාගේ කාලෝචිත ක්‍රියා මාර්ග මෙන්ම අදාළ නියෝග හේතුවෙන් මෙරට මෙම ජයග්‍රහණය අත්කර ගැනීමට හැකියාව ලැබුණු බව සමරසිංහ මහතා පැවැසුවේය. එසේම මෙරට දූත මණ්ඩල ප්‍රධානී මුදල් ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ, ප්‍රධාන ආර්ථික උපදේශක සහ ආයෝජන මණ්ඩල සභාපති දුමින්ද හුලංගමුව මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිසද මෙම ජයග්‍රහණය ලබා ගැනීමට කැපවී කටයුතු කළ බව ශ්‍රී ලංකා තානාපතිවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමාට හොඳට බටර් ගාලා කොහොම හරි සේවා කාලය තව ටිකක් දික්කර ගන්න උත්සාහයක් දානවා වගේයි නේද සමරසිංහ මහත්තයෝ. උත්සාහය සාර්ථක වේවා!!
රටට සේවය කරන්න තානාපතිම වෙන්න අවශ්‍ය නැහැනේ. ඇමරිකාව වගේ රටක තානාපති තනතුරු සදහා හොදම කෙනෙකු යොමු කළයුතුයි. දේශපාලනයෙන් එහා ගිය පරිණත ජවසම්පන්න කාර්යක්ෂම කෙනෙක් වෙන්න ඕනෑ...
සම්පූර්ණයෙන් වැරදි කථාවක්. ඇමරිකාවේ අධිකරණයෙන් සීමා කලා ඕනෑම රටකට එරෙහිව පනවන බදු අධිභාරය 10% සහ 12.5% යන උපරිමයන්ට යටත් විය යුතු බවට. ඒ අනුව තමයි ලංකාවට පැනවූ බදු අධි භාරය 10%ක් වුණේ. ලංකාවට විතරක් නෙවේ දකුණු ආසියාවේ සියලුම රටවල් වලට 10% තමයි අධිභාරය පැනවුණේ. ඒ ඇරුණම ආජෙන්ටිනාව, බ්‍රිතාන්‍යය, මෙක්සිකෝව, ඉක්වදෝරය, ගෝතමාලාව, හොන්ඩියුරාස් ඇතුලු රටවල් 12කට 10% ක අධිභාරයක් තමයි පැණවුනේ. චීනය, රුසියාව, දකුණු කොරියාව, ජපානය, ඕස්ට්‍රේලියාව, කැනඩාව ඇතුලු රටවල් 38කට 12.5%ක අධිභාරය පැණවුණා. මෙම අධිභාරය පැණවීමට හේතුව ලෙස සඳහන් කලේ බලහත්කාරයෙන් ශ්‍රමය ලබා ගැනීම.