
(අංජුල මහික වීරරත්න)
වෙනත් වසරවලට සාපේක්ෂව මෙම වසරේ දී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සහ මරණ ප්‍රතිශතය අඩුකර ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පැවසුවාය.
මෙම වසරේ ජනවාරි මාසය වන විට ඩෙංගු අවදානම් කලාප 64ක් හඳුනාගෙන තිබුණ ද එය අද වන විට කලාප දෙකක් දක්වා පාලනය කර ගැනීමට හැකි වූ බව ද රාජ්‍ය අමාත්‍යවරිය කීවාය.
සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරිය මේ බව කීවෙි 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
ජනවාරි මාසයේ සිට වසරේ මේ දක්වා කාලයේ ඩෙංගු රෝගීන් 20,365ක් වාර්තා වූ අතර ඉන් 7289ක් වාර්තා වුණේ බස්නාහිර පළාතෙන් බව ද රාජ්‍ය අමාත්‍යවරිය කීවාය. 2024 වර්ෂයේ වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 8ක් පමණක් බවද රාජ්‍ය අමාත්‍යවරිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේද අප්පේ මෙච්චර කාලයක් හැංගිලා හිටියේ...? දකින්නත් ආසයි.
මෙයාලා කරපු දෙයක් නෑ. පායපු හින්දා තමයි මේ මදුරුවන්ට බෝ වෙන්න බැරිවෙලා ඩෙංගු අඩු වුණේ. පුළුවන් නම් කවුරුහරි අහන්නකෝ කොහොමද අඩු කරේ කියලා...!
පායනකොට අඩුවෙනවා... වහිනකොට වැඩිවෙනවා...!
ඉකුත් මාස තුන ඇතුළත ඩෙංගු කියලා සෞඛ්‍ය බලධාරීන් වෙනදාට වඩා කිසිම දෙයක් වැඩිපුර කළේ නැහැ. අපේ පළාතට (බස්නාහිර) කිසිම නිලධාරියෙක් ආවේත් නැහැ. සංඛ්‍යා ලේඛනවලින් පෙන්වන්නේ ඩෙංගු මදුරුවන් පැතිරීමට තරම් සුදුසු වැසි රටාවක් නොපැවතීමයි. ඒවා සීතා නෝනගේ ප්‍රගතියට දාගන්න එපා...
මේක ඡන්ද ගුන්ඩුවක්. පණ යනකන් ඩෙංගු ලෙඩ්ඩු මැරෙනවා. කවදාවත් නැතුව මොකද අප්පා එහෙම අඩු වුනේ. මෙයාලා හොඳටම කරනවා...
ඩෙංගු අඩු වුණේ වැස්ස නැති නිසානේ...
ඡන්දෙ ළඟයිනේ දැන්, හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට...
ඔව් ඉතින් අපි උදේ හවස ජනෙල් වගහෙන ගෙවල් ඇතුලට වෙලා අර බැට්මින්ටන් පිත්තෙන් මදුරුවෝ මර මරා ඉන්න නිසා මිසක් රජයෙන් නම් අපිට කරපු කෙංගෙඩියක් නැහැ... දැන් දුම් ගැහිල්ලත් නවත්තලානේ...
මෙයා කියන කතා අපිට අහලා ඇතිවෙලා? හරියට අඳෝනාවක් වගේ...!
එහෙනම් ගෝඨාභය ආයේ ජනාධිපති කරමු නේද?