IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඩෙංගු මර්දනයට ජනපති විශේෂඥ කමිටුවෙන් නිර්දේශ

(අංජුල මහික වීරරත්න)

ඩෙංගු ආසාදිතයකුගෙන් මදුරුවන් හරහා තවත් අයකුට ඩෙංගු ආසාදනය වන බැවින් සියලු උණ රෝගීන් මදුරුවන්ගෙන් ආරක්ෂා කිරීමේ පණිවිඩය කඩිනමින් ජනතාව අතරට ගෙන යා යුතු බව ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ සභාපති, රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අර‍ඹේපොල මහත්මිය පැවසුවාය. එබැවින් ඩෙංගු ආසාදිතයකු ලෙස තහවුරු කර ගන්නා රෝගීන් මෙන්ම ඩෙංගු ආසාදිතයකු ලෙස තහවුරු කර ගන්නා තුරු සියලු උණ රෝගීන්ද මදුරුවන්ගෙන් ආරක්ෂා කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට ජනතාව පෙළඹවිය යුතු බවත්, ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට ජනමාධ්‍ය සහාය අවශ්‍ය බවත් රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය මේ බව සඳහන් කළේ ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා පත් කරන ලද බස්නාහිර පළාත් අනුකමිටුව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී  රැස් වූ අවස්ථාවේදීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්  ඩෙංගු පාලනය සඳහා අමාත්‍ය කමිටුවක් සහ විශේෂඥ කමිටුවක් පත් කරන ලද අතර එම විශේෂඥ කමිටුව මඟින් පළාත් මට්ටමින්ද අනුකමිටු 09ක් පත් කරනු ලැබීය. 

විශේෂඥ කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස් වූ බස්නාහිර පළාත් අනුකමිටුවේදී දින කිහිපයක් ඇතුළත ඩෙංගු පාලනයට ගත යුතු කඩිනම් පියවර පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. 



අදහස් (2)

ඩෙංගු මර්දනයට ජනපති විශේෂඥ කමිටුවෙන් නිර්දේශ

චන්දන Thursday, 15 June 2023 03:31 PM

ඉතා වැදගත් නිර්දේශ ලබා දුන් මෙතුමිය ජනාධිපති ධූරයට ඉතා සුදුසුයි. කිසි කෙනෙක් නොදන්නා නවීනතම සොයා ගැනීම් රාශියක් එළි දක්වලා තියෙනව ඩෙංගු මර්දනයට. ඒ වෙනුවෙන් මෙතුමියට දේශාභිමානි සම්මානය දිය යුතුයි. රටකට ගිය කල

:       0       7

banda Thursday, 15 June 2023 03:52 PM

සියළු උණ රෝගීන් නෙමෙයි සියළුම වැසියන් මදුරුවන්ගෙන් බේරෙන්න මාර ට්‍රයි එකක් දෙනවා. ඕකට මාධ්‍යය හරහා කියන්න දෙයක් නැහැ. දුම් ටිකක් ගහලා මේ වසංගතේ ඉවරයක් කරන්න බැරි ඔය වගේ පජාත දේශපාලුවන්ගෙන් බේරිලා ඉන්න විදිහ රටට කියන්න මාධ්‍ය වලට ප්‍රලුවන් නම් ගොඩක් වටිනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site