
(සුජිත් හේවාජුලිගේ)
රටේ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව පනස් හත්දහස ඉක්මවා ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
මේ අනුව මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 57668කි.
ඩෙංගු රෝගීන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. එම සංඛ්‍යාව 21,565කි.
එසේම මේ දක්වා සිදුව ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 35කි.
එමෙන්ම ඩෙංගු අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස සංඛ්‍යාවද 124ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
මේ අතර අවදානම් ප්‍රදේශවල පාසල්හි ඩෙංගු කීට පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි සෞඛ්‍ය අංශ දැනුම් දී ඇති බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය.
මේ අතර ඩෙංගු පොකුරක් හමුවීම හේතුවෙන් කොළඹ සෞන්දර්ය හා කලා විශ්ව විද්‍යාලය ලබන 13 වැනිදා දක්වා වසා දමනු ලැබීය.
ඩෙංගු පැතිරීම සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසන්නේ රටේ ඩෙංගු අධි වසංගත තත්වයක් මතුව ඇති බවයි.
රෝගය කල් තියා හඳුනාගෙන රෝහල් ගතවීමෙන් සංකූලතා අවම කර ගත හැකි බවද ඇය ප්‍රකාශ කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd