(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා තමන් හෙට (21) දිනයේ දිවුම්රුම් නොදෙන බව ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
තමන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙසින් පත් වීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද යන්න පිළිබද අධිකරණ තීන්දුව ලැබෙන තෙක් තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූයේ දිවුරුම් දීමක් නොකරන බව ද ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු විය.
ධම්මික පෙරේරා මහතා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නිතීඥ රොමේෂ් ද සිල්වා මහතා අද (20) මෙම දැනුම් දීම කළේය.
ව්‍යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයට පත්කර ඇති බවට ප්‍රකාශ කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ඩී.පී පාර්ලිමේන්තු හෙට නොඑන බව අධිකරණයට කියයි