IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ඩී.අයි.ජි. නම විකුණා ගණිකා මඩමක් දාලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

නියෝජ්‍ය පොලිස්පතිවරයකුට අයත් බව පවසමින්  පිලියන්දල කරදියාන ප්‍රදේශයේ රූමත් තරුණියන් යොදාගෙන   පවත්වාගෙන ගිය  ගණිකා නිවසක් වටලා  තරුණියන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනකු අද (21) සවස අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි 

උසස් පොලිස් නිලධාරීන් සහ පක්ෂ විපක්ෂ දේශපාලඥයන් මෙන්ම ප්‍රභූ පුද්ගලයන් සමග  සමීප සබඳතා පවත්වාගෙන යන බවට හැඟවීමට ඔවුන් සමග ලබාගත් සමීප ඡායාරූප විශාල කර  කාර්යාලය තුල ප්‍රදර්ශනය කර මෙම ගණිකා ජාවාරම කිරුළපන ප්‍රදේශයේ පුද්ගලයකු කාලයක් තිස්සේ සිදු කර ගෙන ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම ගණිකා නිවාසය සම්බන්ධයෙන් පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද රහසිගත තොරතුරක් අනුව  එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක සඳරුවන්  මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදු කර ඇත 

එම ඒකකයේ බුද්ධි අංශ නිලධාරීන්  දින ගණනාවක්  ආවේශන රාජකාරිය සඳහා යොදවා  එම ස්ථානයේ ගණිකා නිවසක් තිබෙන බවට තහවුරු කරගැනීමෙන් අනතුරුව  උපාය දූතයකු රුපියල් 6000 ක මුදලකට රූමත් කාන්තාවක් මිලදී ගැනීමට   යොදවා තහවුරු කරගැනීමෙන් අනතුරුව වැටලීම සිදු කළ බව පොලිසිය සඳහන් කරයි 

වැටලීම සිදුකරන අවස්ථාවේදී  රූමත් කාන්තාවන් දෙදෙනකු පමණක් සිටි බවත් එම ස්ථානයෙන් නිත්‍ය වශයෙන්ම කාන්තාවන් පස් දෙනකු ගණිකා සේවයේ යෙදී ඇති බවට  කාර්යාලේ තිබෙන ලිපි ලේඛන වලින් තහවුරු වන බවට වැටලීමට සහභාගිවූ නිලධාරියෙක් පැවැසීය 

 



අදහස් (0)

ඩී.අයි.ජි. නම විකුණා ගණිකා මඩමක් දාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 562 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 718 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 300 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site