
ලතින් ඇමෙරිකා කලාපයට අයත් කියුබාව සමග දශක ගණනක් තිස්සේ පවතින අර්බුදය අවසන් කරමින්, කියුබාව යටත් කරගෙන කියුබා වැසියන් මර්දනකාරී පාලනයෙන් නිදහස් කර ගැනීමට තමන් සූදානම් යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.
‘කියුබාව සහ ඇමෙරිකාව අතරේ අර්බුදය මට මගේ ජීවිත කාලය පුරාවට අසන්න ලැබුණා. හුඟ දෙනෙක් මගෙන් අහන්නේ කියුබාව සමග අර්බුදය අවසන් කරන්නේ කවද්ද කියලයි. මා හිතන්නේ මම ඒ අර්බුදය අවසන් කරනවා. කියුබාව යටත් කර ගැනීම මට ලොකු ගෞරවයක් වේවි’ යැයි ධවල මන්දිරයේ දී මාධ්‍යවේදීන් හමුවේ ට්‍රම්ප් පෙන්වා දුන්නේය.
‘කියුබාව දැන් දුර්වලයි. මා කැමතියි කියුබාවේ පීඩිත පාලනය අවසන් කරලා දාන්න. කියුබානු වැසියන්ට හැකිවේවි ඔවුන්ගේ නිදහස සොයා ගන්න. ජනතා හිතවාදී පාලනයක් ස්ථාපිත කරගන්න.’ යැයි ට්‍රම්ප් වැඩි දුරටත් පැවැසීය.
කෙසේ නමුත්, ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් කියුබාව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැත.
ඇමෙරිකා-කියුබා අර්බුදය දශක හයක් තස්සේ ඔඩුදුවන ලද්දකි. 1959 වසරේ සිදුවූ කියුබා විප්ලවයෙන් පසු ෆිදෙල් කැස්ත්‍රෝ බලයට පත්වීම මෙම අර්බුදයේ ආරම්භයයි. එතෙක් කියුබාවේ පැවති ඇමෙරිකානු හිතවාදී බැටිස්ටා පාලනය පෙරළා දමා, කැස්ත්‍රෝ විසින් කියුබාව තුළ කොමියුනිස්ට් පාලනයක් ස්ථාපිත කරනු ලැබීය. මෙහිදී කියුබාවේ තිබූ ඇමෙරිකානු සමාගම් සතු දේපළ රජයට පවරා ගැනීම සහ ඇමරිකාවේ ප්‍රධාන සතුරා වූ සෝවියට් දේශය සමඟ කියුබාව සමීප වීම නිසා දෙරට අතර සබඳතා බිඳ වැටුණි.
නිරවි යුද්ධය පැවති සමයේදී ඇමරිකාවට ඉතා ආසන්නයේ පිහිටි කියුබාව සෝවියට් දේශයේ මිත්‍රයකු වීම ඇමරිකාවේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් විය. මෙහි උච්චතම අවස්ථාව ලෙස 1962 වසරේ ‘කියුබානු මිසයිල අර්බුදය’ සැලකෙයි.
සෝවියට් දේශය විසින් කියුබාවේ අටවන ලද න්‍යෂ්ටික මිසයිල පද්ධතියක් හේතුවෙන් ලෝකයම න්‍යෂ්ටික අවි යුද්ධයක් අද්දරට පැමිණි අතර, එය දෙරට අතර වෛරය තවදුරටත් වර්ධනය වීමට හේතු විය.
කියුබානු රජය දුර්වල කිරීමේ අරමුණින් ඇමෙරිකාව විසින් 1960 දශකයේ සිට කියුබාවට එරෙහිව දැඩි ආර්ථික සහ වෙළඳ සම්බාධක පනවා ඇත. මෙමගින් කියුබාවට ජාත්‍යන්තර වෙළඳාම සහ මූල්‍ය කටයුතු කරගෙන යාම අසීරු වී ඇති අතර, එය කියුබානු ආර්ථිකය දැඩි පසුබෑමකට ලක් වීමට ප්‍රධාන හේතුවක් විය.
දශක හයකට වැඩි කාලයක් ගත වී ඇතත්, පාලන තන්ත්‍රයන් වෙනස් වුවද තවමත් මෙම සම්බාධක සහ රාජ්‍ය තාන්ත්‍රික ගැටලු සම්පූර්ණයෙන් විසඳී නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd