(ලක්මි කුඩලිගම)
ටොෆි වර්ගයක් ආහාරයට ගැනිමෙන් අසනිපවු බුලත්සිංහල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් ළමුන් හත් දෙනකු අගලවත්ත පිඹුර රෝහලට ඇතුලත්කළ බව පිඹුර රෝහලේ වෛද්‍ය අධිකාරිනි පමිලා නිශාන්ති මහත්මිය පැවැසුවාය.
අමතර පන්තියකට සහභාගිවු පහ වසර පන්තියක ළමුන් පිරිසක් ප්‍රදේශයේ වෙළදසලකින් මිලදි ගත් ටොෆි බෝල වර්ගයක් ආහාරයට ගෙන ඇත. ටොපි වර්ගය අහාරයට ගැනීමෙන් පසුව ළමුන් කීපදෙනකු අසනිපවි ඇති අතර පසුව ඉන් සිසු සිසුවියන් හත් දෙනකු අගලවත්ත පිඹුර රෝහලට ඇතුලත්කර තිබේ.
පිඹුර රෝහලේ වෛද්‍ය අධිකාරිවරිය ප්‍රකාශකලේ ටොෆි බෝල වර්ගයක් ආහාරයටගැනිමෙන් අසනිපවු වයස අවුරුදු 10 -12 ළමුන් හත්දෙනකු රෝහලේ ප්‍රථිකාර ගන්නා බවත් ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිසි බලධාරින් නින්දේ.. ප්‍රමිතියෙන් තොර ආහාර වර්ග ඇතුළු නිෂ්පාදන බොහොමයක් වෙළඳපලේ. රටේ සෑම අංශයක්ම පිරිහිලා...