(විමුක්ති එස් රුද්‍රිගු)

හමාස් දේශපාලන අංශ නායක ඉස්මයිල් හනියේ ඝාතනයට ටෙහෙරානය අනිවාර්යයෙන්ම ඊශ්‍රායලයට පිළිතුරු ලබා දෙනු ඇතැයි ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් පසුගියදා ප්‍රකාශ කළේය.

නමුත් මැද පෙරදිග කාලාපයේ ඇතිව තිබෙන අර්බුදකාරී තත්වය හෝ පවතින යුදමය තත්වය පුළුල් කිරීමට තම රටට කිසිම අවශ්‍යතාවයක් නැතැයි ඉරාන ජනාධිපතිවරයා පැවැසුවේය. නමුත් ඊශ්‍රායලයට නියත වශයෙන්ම එහි අපරාධ සහ අශික්ෂිත ක්‍රියා සඳහා පිළිතුරක්  ලැබෙනු ඇති බවද ඉරාන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් සර්ගෙයි ෂොයිගු සමග පැවැති රැස්වීමකදී ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් මෙම අදහස් පළකර ඇත.