IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ටෙස්ට් පිටියෙන් සමුගත් වනිඳු යළි සංචිතයට

(යොහාන් භාසුර)

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන සිටින දඟ පන්දු යවන තුන් ඉදිරියව් ක්‍රීඩක ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නායක වනිඳු හසරංග ටෙස්ට් සංචිතයට කැඳවීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

බංග්ලාදේශයට එරෙහිව ලබන 22 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ 17 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා වනිඳු අතුළත්ව සිටියි.

ප්‍රවේගකාරී පිතිකරුවෙක් ද වන වනිඳු පසුගිය වසරේ අගෝස්තු මස 15 වැනිදා ටෙස්ට් පිටියෙන් සමුගන්නා විට ටෙස්ට් තරග 4 කට සහභාගි වී ලකුණු 196 ක් රැස්කරමින් කඩුලු 4 ක් දවාගෙන සිටියේය.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:

ධනංජය ද සිල්වා (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), දිමුත් කරුණාරත්න, නිෂාන් මධුෂ්ක, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සදීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ළහිරු උදාර, වනිඳු හසරංග, ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, නිෂාන් පීරිස්, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර සහ චාමික ගුණසේකර



අදහස් (2)

ටෙස්ට් පිටියෙන් සමුගත් වනිඳු යළි සංචිතයට

Prabha Monday, 18 March 2024 09:53 PM

ආපහු කැදෙව්වේ හතුරුසිංහ ට පාඩමක් උගන්වන්නද

:       0       0

B Amarasinghe Tuesday, 19 March 2024 06:26 AM

ඉස්සර ෆිල්ම් එකක් ආවා "5 idiots" කියලා. දැන් ඒ නම හොඳයි තේරීම් කමිටුවට, වාස්ලා අර්ජුනලා අරවින්දලා වගේ ක්‍රිකට්වලින් සමුගත් අයත් ඉස්සරහට නම් කරයිද දන්නේ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 335 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site