(ඉන්දිකා රාමනායක)
මාවනැල්ල පොලිසියයේ රථවාහන අංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයකුගේ පොලිස් යනුවෙන් සඳහන් කර ඇති ආරක්ෂක හිස්වැස්ම සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් හමුදා සෙබළකු ඇතුලු සැකකරුවන් දෙදෙනකු මාවැනැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
පොලිස් කොස්තාපල්වරයා මාවැනැල්ල ඔරලෝසු කණුව අසල රථවාහන රාජකාරි සදහා ඊයේ (6) දහවල් ගොස් එහි වෙළෙඳ සැලක් අසල පොලිස් යතුරුපැදිය නවතා සුදු පැහැති පොලිස් ආරක්ෂිත හිස් වැස්ම වෙළඳසැලක තබා ඇති බව පවසයි.
පොලිස් සැරයන්වරයා රාජකාරිය නිමා කර ආරක්ෂිත හිස්වැස්ම ගැනීමට වෙළඳ සැලට පැමිණ අවස්ථාවේ එය එම ස්ථානයේ නොමැති බව දැක වෙළෙඳ සැලේ සී සී ටී වී කැමරා පරීක්ෂා කිරීමේ දී පුද්ගලයන් දෙදෙනකු එම ස්ථානයට පැමිණ ආරක්ෂිත හිස්වැස්ම සොයාගෙන යන දර්ශන නීරීක්ෂණය වු බව පොලිසිය කියයි.
ඒ අනුව පරීක්ෂණ පවත්වා සැකකරුවන් දෙදෙනා පෙරේදා රාත්‍රියේ මාවනැල්ල නගරයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝල්ෆේස් යන්න ඇවිත් තියෙන්නෙ,හෙල්මට් එකක් නැති නිසා ,ඒක අරන් ගිහින්.
ගුවන් හාදයින්ට මාර තොප්පියක් වැටුනේ. දෙන්නකෝ දැන් උත්තර. සාජන් මහත්තයෝ චාර්ජස් හැට හුටාමාරක් දාලා බෙල්ලටම හිර කරන්න... ගම් බට්ටෝ හමුදාවට ගත්තාම ඔහොම තමයි.