IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ට්‍රැෆික් පොලිසියට දීමනාව වැඩිවෙයි

(ගයාන් සූරියආරච්චි)

රථවාහන රාජකාරියේ යෙදෙන පොලිස් නිලධාරීන්ගේ මාසික දීමනාව රුපියල් 5000 කින් පමණ වැඩිකිරීම සදහා නව පොලිස්පති චක්‍ර ලේඛයක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් අනුව නිකුත් කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය පවසයි.

ඒ අනුව උප ලේඛන තුනක් යටතේ පොලිස් ස්ථාන වෙන්කර ඇති අතර පළමු උප ලේඛනයට පොලිස් ස්ථාන 104 ක්, දෙවැනි උපලේඛනයට පොලිස් ස්ථාන 59 ක් සහ තෙවැනි උපලේඛනයට පොලිස් ස්ථාන 444 ක් ඇතුළත් වේ.

දැනට රථවාහන අංශයේ රාජකාරී කරනු ලබන ස්ථානාධිපතිවරයකුට රුපියල් 2500 ක්, පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන්ට  රුපියල් 2000 ක්, සැරයන්වරයකුට 1800 ක්, කොස්තාපල්වරයකුට 1600 ක් සහ පොලිස් රියැදුරකුට 1200 ක් වශයෙන් මාසික දීමනාවක් ලබාදේ.

නව චක්‍ර ලේඛනයට අනුව පළමු උප ලේඛනයට අයත් වන පොලිස් ස්ථානයකට අනුයුක්ත නිළධාරියකුට අවම මාසික දීමනාව රුපියල් 4000 සිට 7000  දක්වාත්, දෙවන උප ලේඛනයට අයත් පොලිස් ස්ථානයක රාජකාරී කරන නිලධාරියකුට රුපියල් 2750 සිට 5750 දක්වාත්, තෙවැනි උප ලේඛනයට අයත් පොලිස් ස්ථානයක රාජකාරී කරනු ලබන නිලධාරියකුට රුපියල් 2500 සිට 4500 දක්වාත් දීමනා ලබාදීම සිදුකෙරෙන බව පොලිස් මූලස්ථානය කියයි.

ඒ අනුව රථවාහන ස්ථානාධිපතිවරයකුට රුපියල් 4500 ක්, පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන්ට රුපියල් 5000 ක්, පොලිස් සරයන්වරයකුට රුපියල් 4200 ක් කොස්තාපල්වරයකුට රුපියල් 4400 ක් සහ කොස්තාපල් රියැදුරකු රුපියල් 2800 ක් මුදලක් වැඩිකර ඇති බව පොලිස් මූලස්ථානය පැවැසීය.

 



අදහස් (3)

ට්‍රැෆික් පොලිසියට දීමනාව වැඩිවෙයි

සෙනෙවිරත්න Friday, 14 June 2024 02:19 PM

අහිංසක බයිසිකල් කාරයො ටිකක් වැඩිපුර දඩ ගෙවන්න සූදානම් වෙන්න. ත්‍රීවීලර් සහ යතුරු පැදි හැර අනෙක් වාහන පේනවා අඩුයි ඒ අයට....

:       2       9

SenanayakaSaturday, 15 June 2024 02:01 PM

පොලිස් බල ප්‍රදේශයේ වාහන නම් පේන්නෙ නැහැ පෙනුනා වුනත් කොහේද අහල යන්න කියනවා වෙනත් පලාතක වාහනයක් නම් කිලෝමීටර් භාගයක් පමණ දුරක වුනත් එනවා දකිනවා අහිංසක බයිසිකල් කාරයො කිව්වට සිග්සැග් ගහල අනෙක් අයත් අමාරුවෙ දාන්නෙ බයිසිකල් කාරයො තමයි ත්‍රීවීලර් කාරයෝ මාර්ගය මැදින් ඔවුන්ට යන්න නියමිත කිලෝමීටර් 40 වේගයෙන් අනෙක් වාහන වලට බාධා කරමින් යනවා නමුත් සමහරක් පොලිස් නිළධාරි යන්තමින් හෝ ත්‍රීවීලර් එක පසුකර යන්න ගියොත් පස්සෙන් පැමිණි ටයර් හතරේ වාහන නවතා දඩකොලය ලියනවා මේවා අපිට දකින්නට ලැබුණු දේවල් චුට්ටක් පමණයි

:       0       1

රංබොඩ Friday, 14 June 2024 06:48 PM

මහපාරේ මේ නිලධාරීන් කන කට්ටෙ හැටයට අනිවාර්යයෙන් ම ඔවුගේ ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕනැ. එහෙම වුණාම පගාව ගන්න හිත දෙන එකකුත් නෑ. මම මේ කිව්වේ පොලිස් සේවයේ නියුතු ගෞරවාන්විතව.තම රාජකාරිය කරන මහත්වරුන් ගැන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 517 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site