IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


ට්‍රම්ප්ට එරෙහි නඩුවේ දෙවැනි දිනට ජූරි සභිකයින් 7ක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වන ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගොනු කර ඇති අපරාධ නඩුව ජූරි සභිකයන් 18 දෙනෙකුගේ සහභාගීත්වයෙන් විභාග කිරීමට නියමිත අතර එම නඩු විභාගයේ දෙවැනි දවසවූ ඊයේ (16) ජූරි සභිකයන් 7 දෙනෙකු නඩු විභාගය සඳහා තෝරා ගැනීමට අධිකරණය කටයුතු කර ඇත.

පිරිමි පුද්ගලයන් සිව් දෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු එම ජූරි සභිකයන් සත්දෙනාට අයත් විය. අයර්ලන්තයේ සිට පැමිණ නිව් යෝර්ක් නගරයේ අලෙවිකරණ ක්ෂේත්‍රයේ රැකියාවේ නියුතු පුද්ගලයෙකු 18 දෙනෙකුගෙන් යුත් ජූරි සභාවේ ප්‍රධානියා ලෙස පත් කර ඇත.ඒ අනුව ඉදිරිදින වලදී තවත් ජූරි සභිකයන් 11 ක් තෝරා පත් කර ගැනීමට නියමිතව තිබේ.

අපරාධ නඩුව ඊයේ(16) කැඳවූ අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් එක් ජූරි සභිකයෙකු අපහසුතාවයට පත්වන අයුරින් අධිකරණයේදී කටයුතු කර ඇති බවත් එය කිසිසේත් ඉවසිය නොහැකි බවත් මින් ඉදිරියට එසේ නොකරන ලෙසට අවවාද කරන බවත් පවසමින් විනිසුරු ජුවාන් මර්චන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනතුරු අඟවා ඇත.

එසේම ජූරි සභිකයන් ලෙස පෙනී සිටීමට පැමිණ සිටි පුද්ගලයන් පස් දෙනෙකු ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව සමාජ මාධ්‍ය තුළ අපහාසාත්මක අයුරින් ප්‍රකාශ පළ  කර තිබෙන බවත් ඒ හේතුවෙන් ඔවුන් පස්දෙනා ඉවත් කරන ලෙසත් ට්‍රම්ප් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විනිසුරුවරයාගෙන් ඉල්ලීමක්ද කර තිබිණි.

ජූරි සභිකයන් 18 දෙනෙකු තෝරා පත්කර ගැනීමෙන් පසුව ලබන සතියේදී නඩු විභාගය ආරම්භ කරමින් දෙපාර්ශ්වය ආරම්භක දේශන ඉදිරිපත් කිරීමට නියමිතය.ඩොනල්ඩ් ට්‍රම්ප් නඩු විභාගයේදී චෝදනා 34 සඳහාම වරදකරු බව අධිකරණය තීරණය කළහොත් ඒ සඳහා ඔහුට වසර 10 කට වැඩි සිර දඬුවමක් නියම විය හැකි බවට නීති විශාරදයෝ මත පළ කළහ.එපමණක් නොව ඇමෙරිකානු ඉතිහාසය තුළ ජනාධිපති ධුරය දැරූ පුද්ගලයෙකු අපරාධ නඩුවක් සඳහා මුහුණ දෙන ප්‍රථම අවස්ථාවද මෙය වේ.

වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ නිර්මාණය වන චිත්‍රපට සඳහා රංගනයෙන් දායකවන ස්ටෝර්මි ඩැනියෙල් සඳහා 2016 වසරේ පැවතී ජනාධිපතිවරණයට පෙර ඇමෙරිකානු ඩොලර් 130,000 මුදලක් ගෙවීම ඇතුළු එවකට සිදුවූ තවත් මුදල් ගනුදෙනු කිහිපයක් සම්බන්ධයෙන් අසත්‍ය ව්‍යාපාරික වාර්තා ගොනු කිරීම සම්බන්ධයෙන් චෝදනා 34 යටතේ මෙම නඩුව ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගොනු කර ඇත.

 



අදහස් (1)

ට්‍රම්ප්ට එරෙහි නඩුවේ දෙවැනි දිනට ජූරි සභිකයින් 7ක්

Prabha Wednesday, 17 April 2024 11:54 AM

ට්‍රම්ප් හිටියා නම් හැබැයි... මේ කාලකණ්ණි යුද්ධ නොවෙන්න එදා තිබුණා...

:       5       6

ඔබේ අදහස් එවන්න

දියත

ඊශ්‍රායල රැකියාවලට ලාංකික රොත්තක්
2024 මැයි මස 03 80 0

2024 වසරේ මුල් මාස හතරේ දී ශ්‍රි ලාංකිකයින් 2771 දෙනකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි .


OnmaxDT පිරමීඩ ලොක්කො 6කට විදෙස් ගමන් තහනම්
2024 මැයි මස 03 133 0

’’ඔන්මැක්ස් ඩී.ටී.’’ පිරමීඩ ජාලය රට පුරා ව්‍යාප්ත කරමින් ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස් කළේ යැයි කියන හය දෙනෙක රටි


ලංකාවේ මාධ්‍ය නිදහස තවත් අඩු වෙලා
2024 මැයි මස 03 114 0

මෙම වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ ස්ථාන පහළොවක් පහළට පැමිණෙමින් 150 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත.


සිලෝන් ටී” නමට නොසලකන හාම්පුතුන් ගැන ලැජ්ජයි
2024 මැයි මස 03 306 1

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයට


කැකිරාවේ කිරි සමාගමකට සීල් තබයි
2024 මැයි මස 03 747 1

මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගිය මරදන්කඩවල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා එම කර්


වෛද්‍ය සිසුන්ගේ විරෝධතාවට ජල ප්‍රහාර
2024 මැයි මස 03 343 0

විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලීසිය විසින් ජල ප්‍රහාර එල්ල කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 469 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1900 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1685 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site