
(විමුක්ති එස් රුද්‍රිගු සහ හසිනි නවෝද්‍යා)
ශ්‍රී ලංකාව ඇමෙරිකාවට අපනයනය කරන සියලුම භාණ්ඩවලට එළැඹෙන අගෝස්තු 1 වැනිදා සිට සියයට 30 ක තීරු බද්දක් "අන්‍යෝන්‍ය බදු" ක්‍රමය යටතේ පනවනු ඇති බවත් තිබෙන වෙළඳ හිඟය මග හරවා ගැනීම සඳහා පැනවිය යුතු සැබෑ තීරු බද්දට වඩා අඩු තීරු බද්දක් මෙරටට පනවා තිබෙන බවත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (09) ප්‍රකාශ කළේය.
ඇමෙරිකාවේ භාණ්ඩ සඳහා පනවා තිබෙන බදු තවදුරටත් ඉහළ දැමීමට ශ්‍රී ලංකාව තීරණය කළහොත් ඇමෙරිකාව සියයට 30 ක තීරු බද්ද තවත් ඉහළ නංවනු ඇතැයි ජනපති ට්‍රම්ප් පැවැසුවේය.ශ්‍රී ලංකාව හෝ මෙරට සමාගම් ඇමෙරිකාවට පැමිණ නිෂ්පාදන කටයුතු සිදු කිරීමට තීරණය කළහොත් කිසිඳු තීරු බද්දක් අය නොකරන බවත් ඒ සඳහා අවශ්‍ය අනුමැතීන් සති කීපයක් තුළ කඩිනමින් ලබා දීමට අවශ්‍ය සියලු සහාය ලබාදෙන බවත් ඇමෙරිකානු ජනපතිවරයා ප්‍රකාශ කළේය.
ඇමෙරිකාවට විශාල වෙළඳ හිඟයකට මුහුණ දීමට හේතු වූ මෙරට බදු, ප්‍රතිපත්ති සහ වෙළෙඳ බාධක නිවැරදි කිරීමට මෙම තීරු බද්ද අත්‍යාවශ්‍ය බවද ජනපති ට්‍රම්ප් පැවැසුවේය. ඇමෙරිකාව ශ්‍රී ලංකාව සමග ඉදිරියට යාමට තීරණය කළ බවත් නමුත් සාධාරණව සහ සමබරව මින් ඉදිරියට වෙළෙඳ කටයුතු සිදුවනු ඇති බවත් ජනපතිවරයා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව ඇමෙරිකානු භාණ්ඩ සඳහා පනවනු ලබන සියයට 88 ක තීරු බදු වලට පිළිතුරු ලෙස "අන්‍යෝන්‍ය බදු" ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44 ක තීරු බද්ද පනවන බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය අප්‍රේල් 2 වැනිදා නිවේදනය කළේය.
එම බද්ද පසුගිය අප්‍රේල් 9 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණත් සාකච්ඡා මේසයට පැමිණීම සඳහා දින 90 ක කාලයක් ලබාදෙමින් ඊයේ (09) එය අත්හිටුවනු ලැබුවේය. ඒ සමග සියයට 44 ක තීරු බද්ද අඩුකර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සාකච්ඡා මේසයට පැමිණි අතර වොෂින්ටනයේදී ඇමෙරිකා වෙළඳ නියෝජිත කාර්යාලය සමග මුහුණට මුහුණ සාකච්ඡාවට දෙකක් සහ මාර්ග ගතව සාකච්ඡාවට කීපයක් පැවැත්වූවේය.
ඒ අනුව ඇමෙරිකාව සිය වෙළෙඳ හවුල්කරුවන් 21 කට වැඩි ප්‍රමාණයකට "අන්‍යෝන්‍ය බදු" ක්‍රමය යටතේ පනවනු ලබන නව තීරුබදු ප්‍රතිශත පිළිබඳව ඊයේ (09) වනවිට දැනුම් දී තිබුණේය.
පසුගිය 7 වැනිදා පළමු වරට රටවල් 14කට ලිපි මාර්ගයෙන් නව තීරුබදු ප්‍රතිශත පිළිබඳව ඇමෙරිකාව දැනුම් දී තිබූ අතර එම ලිපි ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ටෘත් සෝෂල් ගිණුමේ ප්‍රසිද්ධ කරනු ලැබුවේය.
එහිදී ලාඕසය සහ මියන්මාරයට සියයට 40 ක තීරු බද්දක් පනවා තිබිණි. ලාඕසයට සියයට 48 ක සහ මියන්මාරයට සියයට 44 ක තීරුබදු ප්‍රතිශතයක් පැනවීමට පසුගිය අප්‍රේල් 2 වැනිදා යෝජනා විය. මීට පෙර "අන්‍යෝන්‍ය බදු" ක්‍රමය යටතේ ජපානයට සහ මැලේසියාවට සියයට 24 ක තීරු බද්දක් පැනවීමට යෝජනා වී තිබූ අතර එය සියයට 1 කින් ඉහළ දමමින් සියයට 25 ක නව තීරු බද්දක් පැනවීමට ජනපති ට්‍රම්ප් තීරණය කර ඇත.
දකුණු අප්‍රිකාවට සියයට 30 ක්ද, තායිලන්තයට සියයට 36ක්ද, සර්බියාවට සියයට 36ක්ද, ඉන්දුනීසියාවට සියයට 32ක්ද, දකුණු කොරියාවට සියයට 25 ක්ද, තීරු බදු ප්‍රතිශත ලෙස පැනවීමට මිට පෙර යෝජනා වී තිබූ අතර නව තීරුබදු ප්‍රතිශත යටතේ එහි කිසිඳු වෙනස්කමක් සිදුව නොමැත. කාම්බෝජයට මීට පෙර සියයට 49 ක තීරු බද්දක් යෝජනා වී තිබූ අතර එය සියයට 36 දක්වා අඩුවී ඇත.
එසේම බංග්ලාදේශයට මීට පෙර පැනවීමට යෝජනාවී තිබූ සියයට 37 ක තීරු බද්ද සහ සර්බියාවට පැනවීමට යෝජනාවී තිබූ සියයට 36 ක තීරු බද්ද සියයට 35 දක්වා පහළ දමා තිබේ. ටියුනීසියාවට සහ කසක්ස්තානයට පැනවීමට යෝජනාවී තිබූ සියයට 28 ක තීරු බද්ද සියයට 25 දක්වා අඩුකර ඇත. බොස්නියාව සහ හර්සගොවිනාවට පැනවීමට යෝජනා වූ සියයට 36ක තීරු බද්ද සියයට 30 දක්වා පහළ දමා තිබේ.
එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලයේ දත්ත වාර්තාවලට අනුව පසුගිය වසරේ ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ද්වි පාර්ශ්වික වෙළෙඳාමේ අගය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.4 කි. පසුගිය වසරේදී ඇමෙරිකාව ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 368.2 භාණ්ඩ අපනයනය කර තිබූ අතර 2023 වසරට සාපේක්ෂව සියයට 4.9 ක ඉහළ යාමක්ද විය. කෙසේ නමුත් ශ්‍රී ලංකාව පසුගිය වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක භාණ්ඩ ඇමෙරිකාවට අපනයනය කර තිබෙන අතර එය 2023 වසරට සාපේක්ෂව සියයට 6.1 ඉහළ යාමකි.
ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර වෙළෙඳ භාණ්ඩ හිඟය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.6 කි. එය 2023 වසරට සාපේක්ෂව සියයට 6.3 ක ඉහළ යාමකි.
මෙරට ඇඟලුම් නිෂ්පාදන සඳහා ප්‍රධාන ජාත්‍යන්තර වෙළෙඳපොළ වන්නේ ඇමෙරිකාවය. ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පසුගිය වසරේ මෙරට ඇඟලුම් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.7 ක් වූ අතර එම ආදායම ඉපැයූ ඇඟලුම් අපනයනයන්ගෙන් සියයට 40.04 ක් ශ්‍රී ලංකාව අපනයනය කර තිබුණේ ඇමෙරිකාවටය. එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.9 ක් විය.
පනවනු ලබන ඉහළ බදු ප්‍රතිශත එළැඹෙන 1 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇති බවත් නැවත කාලය දීර්ඝ කිරීමක් ලබා නොදෙනු ඇති බවත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. කෙසේ නමුත් ෆෝබ්ස් සඟරාව පෙන්වා දෙන්නේ නැවත කාලය දීර්ඝ කිරීමක් ලබානොදෙන බව ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළත් ඔහු 28 වතාවක් වචනය වෙනස් කර ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
30% ලොකු සහනයක් වෙන්නේ කොහොමද තවත් රටවල් 10% බදු ක්‍රමයේ ඉන්නකොට.
ශ්‍රී ලංකාවේ සියයට 30 යනු මුල් සියයට 44 ට වඩා දක්නට ලැබෙන තායිලන්තයට සියයට 36 ට වඩා අඩුය. එය දිගුකාලීන එක්සත් ජනපද සගයෙකු සහ ශ්‍රී ලංකාවේ රබර් අපනයන සඳහා තරඟකරුවෙකු වේ. රබර් සඳහා තරඟකරුවෙකු වන මැලේසියාවට සියයට 25 කින් අය කරන ලද අතර / ඇඟලුම් සඳහා තරඟකරුවෙකු වන බංග්ලාදේශය සියයට 35 ක තීරුබදු නියම කර ඇත. ශ්‍රී ලංකාවේ පොල් සහ සක්‍රිය කාබන් අපනයන සඳහා තරඟකරුවෙකු වන පිලිපීනයට සියයට 20 ක් අය කරන ලද අතර එය සියයට 10 ක පරතරයක් පෙන්නුම් කරයි.සමස්තයක් වශයෙන් ගත් කල, රජය හොඳින් කටයුතු කළේය. මේ පිටුපස සිටියේ කවුද යන්න පැහැදිලි නැත. දිගු කාලීනව, ශ්‍රී ලංකාවට වාහන ඇතුළු භාණ්ඩ ඇමරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කිරීමට සිදුවේ.
ඕකට ඔක්තෝම්බර් මාසේ ආපහු 18ක් එකතු කරයි. ලංකාවේ යූ ටියුබ්, ෆේස් බුක්, නෙට්ෆ්ලිස්ක්... වලට ලංකාවේ ආණ්ඩුව 18% බද්දක් ගහන්න පටන් අරන් කියලා දැනගත්තාම.
අපේ සීයා තවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන්න කලින්, ට්‍රම්ප් බයවෙලා තමයි බද්ද මේ විදිහට අඩුකරේ...
විපක්ෂයේ නහින්ඩ හදපු අයට දැන් කරකියා ගන්ඩ දෙයක් නැතුව ඇති.
ඇමෙරිකාව යනු අපේ ඇඟලුම් සඳහා ඇති ප්‍රධානතම වෙළඳපොළයි. ඇමෙරිකානු භාණ්ඩ සඳහා ඇති 88% බද්ද 0% දක්වා අඩුකළ යුතුයි.
දැන්වත් පුතානෝට නින්ද යයිද දන්නේ නැහැ...
විපක්ෂයට තිබුණ තවත් මාතෘකාවක් එසේ නිමා විය.
බදුල්ලේ පැත්තේ ඉන්න ගොන් තඩියෙක් වගේ මන්ත්‍රී කෙනෙක් කිව්වනේ ට්‍රම්ප් ගේ කකුල් දෙක අල්ලලා වැඳලා හරි බද්ද අඩු කරගන්න කියලා. මෑන් හිතාගෙන හිටියේ බදු පැනවීම අපේ රටට විතරක් කරපු දෙයක් කියලා....
අනික් රටවලට 10-20% දක්වා තියෙනකොට අපිට 30% කොහොමද ලොකු සහනයක් වෙන්නේ. තාම අපි ඉන්නේ ලොකුම බදු ක්‍රමයේ...!
මෙහි තේරුම ලංකාවෙන් ඇමෙරිකාවට යවන බඩුවල මිල 30%කින් ඉහළ මුදලකට ඇමෙරිකානු වෙළදපල තුළ විකිණීමට සිදුවන බවයි. ඒ වැඩිවන 30% ඇමෙරිකානු රජයේ බදු. අනෙකුත් රටවල් භාණ්ඩ සමග තරඟ කිරීමට එය විශාල බාධාවක්. මේක විශාල පරාජයක්... ඉදිරියේදී ලංකාවෙන් යන භාණ්ඩ මිලදී ගැනීම ඇමෙරිකානු ජනයා ප්‍රතික්ෂේප කර වැඩි වූ මිලට වඩා අඩු වෙනත් රටවල භාණ්ඩ මිලදී ගනු ඇත. මෙය ඉදිරියේදී අපගේ ආර්ථිකයට විශාල පහරක් වදින ක්‍රියාවක්...
අයියෝ යෝගා…, හපොයි ගුණරත්න, මොකක්ද මේ වුණු අපරාදේ…?
හලෝ යෝගා, ගුණරත්න එක්ක එකතුවෙලා, අපුල්ලපු රෙදිටික රෝල් කරලා කැමති තැනක ගහගන්න.
ජවිපෙ ඩෝබි ටික උද්දාමයට පත් වෙලා, ඒත් මෝඩ හැත්ත දන්නේ නැහැ කලින් 8% අඩු බද්ද දැන් 30% වෙලා කියලා. මොවුන්ගේ කෙටිකාලීන මතකයට අනුව අපේක්ෂිත බද්ද 40% ඉඳලා 30% කළා කියලයි කල්පනාව. අනේ මෙහෙමත් ගොන් බූරුවන් ටිකක්...!
මුන්ට හොඳටම ට්‍රැක් අවුට් වගේ, අනිත් හුගක් ඇගලුම් කරන රටවල් එක්ක බලද්දී අපට කෙලවිලා ඉවරයි වගේ...
ස්තූතියි, ජනාධිපති ට්‍රම්ප්! ඔබ ලක්ෂ ගණනක රැකියා බේරා ගත්තා. බොහෝ පින්!
තඹුත්තේගම අනුර කුමාරටත් ඔයා "අති ගරු" කෑලි දාලා ලියලා තියෙන්නේ. ඉස්සර රනිල්ලා, චන්ද්‍රිකාලා කිව්වේ "ඒගොල්ලන්ට විතරයි එහෙම කියන්නේ" කියලා නේද?
ලලනිගේ මොලේ හැඳි මිටේ
කොහෙද බන් ලොකු සහනයක්? එක්කො මේ ලිපිය ලිව්ව එකා ජෙප්පෙක්, නැත්තං උට සාමාන්‍ය දැනීම නෑ. "Something is better than nothing" වගේමයි මේක — මේකෙන් ලොකු සහනයක් නෑ. මේකෙන් වෙන බලපෑම හරිම දරුණු වෙයි ඉස්සරහට.