අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තලෙයිබාන් සංවිධානය සමඟ අද පැවැත්වීමට සැලසුම් කර තිබූ සාම සාකච්ඡා අවලංගු කර ඇත.
ඇමරිකානු සොල්දාදුවෙකු ඇතුළු තවත් 11 දෙනෙකු මරණයට පත්වූ කාබුල් නුවර ප්‍රහාරය පසුපස තලෙයිබාන් කැරලිකාර කණ්ඩායම සිටින බවට අනාවරණය වීමෙන් පසු ඔහු මෙම තීරණයට එළඹී තිබේ.
තලෙයිබාන් සංවිධානයේ නායකයින් සමඟ රහසිගත සාකච්ඡාවක් පැවැත්වීමට හා ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරයා සමඟ ද සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබුණි.
ඉතා වැදගත් වන සාම සාකච්ඡා අතරතුරදී ඔවුන්ට සටන් විරාමයක් සඳහා එකඟවීමට නොහැකිව අහිංසක පුද්ගලයින් 12 දෙනෙකු ඝාතනය කිරීමට හැකි නම් අර්ථවත් ගිවිසුමක් සඳහා එකඟවීමට ඔවුන්ට නොහැකි බව ට්විටර් පණිවිඩයකින් ට්‍රම්ප් අවධාරණය කර ඇත.
මෙම ප්‍රහාරයෙන් මියගිය අමෙරිකානු සොල්දාදුවා සමඟ මෙම වසරේදී ඇෆ්ගනිස්ථානයේදී මියගිය සොල්දාදුවන් සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් තිබේ.
-226-
(රොයිටර්ස් ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ගේ රටවල් අල්ලන්න ගිහින් මොන සාම සාකච්ඡාද මහත්තයෝ? බඩු පොදි අකුලාගෙන ගෙදර යන්න මෙයා අනුන්ට වද නොදී...
ඇෆ්ඝනිස්ථානය පසුගිය ශතවර්ෂ ගණනාවක් පුරාම නීතියක් නොමැතිව මැර බලයෙන් පාලනය වූ රටක්... මේ රට අද ආසියාවේ සහ යුරෝපයේ රටවලට මත් ද්‍රව්‍ය සපයන ප්‍රධානතම කෙන්ද්‍රස්ථානයයි. මේ තත්වය වෙනස් කිරීමට '80 දශකයේ, එවකට පැවැති සෝවියට් සමූහාණ්ඩුව ඇෆ්ගනිස්ථානයේ අධ්‍යාපනය නගා සිටුවා සිවිල් සමාජයක් ගොඩ නැංවීමට තැත් කළා. නමුත්, ඒ සමයෙහිදී ඇමෙරිකාව ඊට අකුල් හෙලමින්, ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වලට ආයුධ සැපයුවා. දැන් ඇමෙරිකාවට සිදුවී ඇත්තේ තමන් එදා සහයෝගය දුන් කණ්ඩායම් සමග සටන් කිරීමටයි...