
(අංජුල මහික වීරරත්න)
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපති අනුර දිසානායක මහතා රත්නපුර ජන රැළියකදී අද (23)පැවසීය.
අදාළ සාකච්ඡා සම්බන්ධයෙන් ලංකාව සහ ඇමරිකාව එක්ව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතව තිබෙන බවද ජනාධිපතිවරයා කීය.
මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු නියෝජිත කණ්ඩායමක් අදාල බද්ද සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මේ වන විට ඇමරිකාවට ගොස් සිටින බව කී ජනාධිපතිවරයා ඒ සාකච්ඡා හොඳින් සිදු කෙරී තිබෙන බව සඳහන් කළේය.
COMMENTS
මේ වගේ මෝඩ දේශපාලන බොරුකාරයෙක් මේ තරම් ජරා මට්ටමේ කවදාවත් දැකලා නැහැ.
එයද තවත් එක් පචලපයක් බව දැන්ම තහවුරු ය.
ඔය දූත පිරිසට ඇමරිකාවේ වංචාවක් කරලා ඇමරිකන් උසාවියකින් දඬ නියම වූ හිටපු තානාපති රාජපක්ෂ නෑයා වන ජාලිය වික්‍රමසූරියත් එක්කර ගන්න තිබුණනේ.
තවත් බොරුවක් නම් වෙන්න එපා.
ෂුවර් එකටම ට්‍රම්ප් බයවෙන්න ඇති සාකච්චාවට ඇවිත් ඉන්නේ සෙල්ලං පොරකගේ නියෝජිතයෝ පිරිසක් නොවන නිසා , හාහ් හාහ් හා....
මෙය පාස්කු ඉරිදා ව්‍යසනයේ ඉහළම රහස නිකුත් කිරීම පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට සමාන දෙයක් වන අතර එපමණක් නොව පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීම පිළිබඳ තවත් පචා කතාවකි.
අපි දැන්වත් පක්ෂ පාට නැතිව ශ්‍රී ලංකික ජාතියක් හැටියට ජීවත් වෙන්න පුරුදු විය යුතුයි. ජාතික වැදගත්කම් ඇති මෙවනි විෂයන්වලදී අපගේත් , දරුවන්ගේ, රටේ අනාගතය සලකා එකමුතු ව ක්‍රියා කිරීම වටී
හොඳයි ඉතින්, එත් ඇමරිකන් පැත්තෙන් ට්වීට් එකක් වත් දැක්කේ නැහැ නේ තවම, ඒ මොකෝ
වැඩේ වෙනකම් විශ්වාස නැහැ, ඔබ තුමා පචයක් ද අත් ඇරියෙ ඕඩියන්ස් එකට?
විපක්ෂට විපතක්නේ වෙන්න යන්නේ අපේ හාමුදුරුවනේ !
හරියටම වැඩේ කරගෙන නිව්ස් එක දාන්න, මෙතන වැලලිච්ච එවුන්ට තවටිකක් වැලලෙන්න.
ගජ බින්න... මේවා දැන් විශ්වාස කරන්නෙ නෑ.
බුදු අම්මේ මෙහෙමත් පචයක්...
මේවගේ ඒවත් විශ්වාස කරන ගවසම්පතක් ඉතිරිවෙලා ඉන්නවා.