
(ගයාන් සූරියආරච්චි)
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට පාතාලයන්ගෙන් මරණ තර්ජන එල්ලවී ඇති බවට බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ගය කියයි.
අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගන්නා ලෙස ද බුද්ධි අංශ වාර්තාවක් මගින් දැනුම්දී ඇති බවත් එම ආරංචි මාර්ග කියයි.
පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සදහා දිගින් දිගටම මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් ලබාදීමත් ජාවාරම්කරුවන්ගේ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමත් අමත්‍යවරයාට පාතාල තර්ජනය එල්ලවීමට හේතුවී ඇතැයි එම ආරංචි මාර්ග කියයි.
කොපමණ පාතාල තර්ජන පැමිණිය ද මත්ද්‍රව්‍ය සහ පාතාල මර්දනය නොනවත්වන බව ඉකුත් දා අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසා තිබුණි.
COMMENTS
කරන සහ කරපු ඒවාට තවමත් ජීවත් වෙලා ඉන්න එකත් ලොකු දෙයක්.
ආතල්.. ඇල්ලුවා කීවේ පාන් පිටියි, පොලිස් බල්ලෝ අහිංසක මිනිසුන්ගෙ වාහනවලට බලෙන් දාපු ඒවයි
බලාගෙන අර සුදු ලෝගු කාරයන් සහ කළු කබා කාරයන් උසාවි යන්නත් ඉඩ තියෙනවා. පතාලය සහ කුඩු මර්ධනය ට විරුද්ධව වාරණයක් ඉල්ලලා
දේශබන්දු අයින් කරන්න ඕන උනේ කලු කෝට් කාර සාලිය පීරිස්,හරක් කටා,බෝපගේ ,අධිකාරී තව 90% කුඩ්ඩන් හා පාතාලයෙන්ට .ටිරාන් වත් අයින් කර ගනින් ,සාලිය පීරිස් ,හරක් කටා
රට පනින්න වගේ යන්නේ ?පරම්පරා හතකට වීසා වලින් සල්ලිත් එනවා .මරන්න ඉන්න නිසා ආවා කියපුවාම ආපු ගමන් රැකවරණ ගන්න පුළුවනි .චන්දෙන් පස්සේ ගිය තැන ගැලවෙන්න පුළුවනි
ඒකත් මරු ප්ලෑන
නියමයි..පාතාලය නැති වෙනකම් දිගටම
පාතාලේ නෙමෙයි මෙයාට මිනිස්සු ගහයි... පාස්පෝට් කන්තෝරුව පැත්තේ යන්න කියන්නකෝ...
පාතාලයන්ගෙන් කප්පම් අරගෙන පොරොන්දු වුණ විදියට වැඩ කරලා දුන්නේ නැතුව ඇති.
මෙයාව මරන්න කිසි කෙනෙක් නැහැ මේ රටේ.මේක මෙයාගේ බොරුවක්,මෙයා හොඳ නාට්‍යයක් පෙන්නන්න වගේ යන්නේ.
උද්දික පුතාගේ තිර පිටපත කොපි කරලා වගේ නේද ? චන්දෙ පැරදිච්ච ගමන් කොල්ල රට පනින්න වගේ ප්ලැන
ටිරාන්ම තමයි ටිරාන්ව මරන්න හොයනව ඇත්තෙ.කලුකෝට් කාරයන්ට බැන්නට නීති රැකවරණය ගැනීම ඕනම කෙනෙකුගෙ අයිතියක්. රට බංකලොත්කරපු සෙට් එකටත් නීතීඥයො පෙනීසිටිය බව අමතක කරන්න එපා. මෙයාගෙ රංගනයට අහුවෙන්න එපා.
ස්මාට් පෝන් පාවිච්චි කරන, ලියන්න කියන්න දන්න ඒත් ටෙලිඩ්‍රාමා ඇත්ත කියලා හිතන අයත් ඉන්නවා නේද?