( රොමේෂ් මධුෂංඛ)
වවුනියාව, පූවරසන්කුලම, මඩුකුලම වැව් බැම්මේ ගමන්ගත් ට්‍රැක්ටරයක් පෙරළීමෙන් වයස අවුරුදු 15 ක දරුවෙකු මියගොස් තවත් දරුවෙකු බරපතල තුවාල ලබා ඇති බව පූවරසන්කුලම පොලිසිය පවසයි.
දරුවන් දෙදෙනා ට්‍රැක්ටරයේ පසුපස ගමන්ගත් අවස්ථාවේ ට්‍රැක්ටරය පාලනය කරගැනීමට නොහැකිව වැව් බැම්මෙන් පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවටය.
ට්‍රැක්ටරය පෙරලී සිදුවූ අනතුරින් බරපතල තුවාල ලැබූ වයස අවුරුදු 15 ක් වන දරුවන් දෙදෙනෙකු වවුනියාව රෝහලට යොමුකොට ඇති අතර, එහිදි පූවරසන්කුලම ප්‍රදේශයේ පදිංචි එස්.සදූෂන් නමැති දරුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.
ට්‍රැක්ටර රථයේ රියදුරුට ට්‍රැක්ටර රථය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් ට්‍රැක්ටර රථය වැව් බැම්මෙන් පෙරළී ගොස් ඇති බවද පොලිසිය පැවසීය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ට්‍රැක්ටරය පෙරැළී දරුවෙක් මරුට:අයෙක් රෝහලට