IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ටයර් සමාගමකින් කෝටි 26ක බදු පොල්ලක්

(යොහාන් භාසුර)

මෙරට ප්‍රසිද්ධ ටයර් නිෂ්පාදන සමාගමක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 26 කට අධික දඩ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තාවේ.

මෙම දඩ මුදල නොගෙවීම නිසා එම සමාගමට එරෙහිව නඩු පැවරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.

ටයර් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමු ද්‍රව්‍ය ආනයනය කිරීම වෙනුවෙන් රේගුවට ගෙවිය යුතු බදු වශයෙන් මුලදී රුපියල් කෝටි 800 කට ආසන්න බදු මුදලක් පනවා තිබූ නමුත් පසුව එම මුදල රුපියල් විසි හයකෝටි දසලක්‍ෂයක (රුපියල් 261,000,000) දඩයක් දක්වා අඩු කළ බව ද ඔහු කීය.

පසුගිය මාර්තු 18 වැනිදා පැනවූ එම දඩය පවා සමාගම ගෙවීම මඟහරිමින් සිටින බව ද එම නිලධාරියා කීය.

මෙරටට ටයර් ආනයනය අත්හිටුවීමෙන් පසුව අදාළ සමාගම ශ්‍රී ලංකා රේගුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය දැනුවත් කිරීමකින් තොරව රුපියල් කෝටි 500 ක් පමණ වටිනා ටයර් දේශීය වෙළෙඳපොළේ අලෙවි කර ඇති බව ද ඔහු කීය.

2021 වසරේ මෙම සමාගම එහි සම්පූර්ණ නිෂ්පාදනයම දේශීය වෙළෙඳපොළට යොමුකර අති විශාල ලාභයක් ලබා ඇති බව ද ඔහු කීය.

එම සමාගමට එහි නිෂ්පාදනවලින් සියයට 20 ක් පමණක් රේගු බදු ගෙවීමෙන් පසුව දේශීය වෙළෙඳපොළට නිදහස් කිරීමට නීතියෙන් අවසර ඇති බව ද ඔහු සඳහන් කළේය. ඒ පිළිබඳව ලැබුණු පැමිණිල්ලකට අනුව රේගු දෙපාර්තමේන්තුවේ පශ්චාත් නිෂ්කාශන හා විගණන අංශය විධිමත් පරීක්‍ෂණයක් කළ බවත් එහිදී එම සමාගම රුපියල් කෝටි 500 කට අධික වටිනාකමින් යුත් නිෂ්පාදන දේශීය වෙළෙඳපොළේ අලවි කර ඇතැයි හෙළි වූ බවත් එම නිලධාරියා කීය.

 



අදහස් (4)

ටයර් සමාගමකින් කෝටි 26ක බදු පොල්ලක්

Shashika519 Sunday, 28 April 2024 09:34 PM

ඩුබායිවල මැරියට් හෝටලේ නාමමාත්‍රික අයිතිකරුගෙ ලංකාවේ ෆෙරෙන්ටිනෝ කොම්පැණි එක. රාජපක්ෂ මහත්තුරුන්ගෙ තවත් අභිමානවත් වැඩක්. කෝටි 80 කෝටි 26 කට අඩුකරලා

:       3       16

udaya Monday, 29 April 2024 07:21 AM

ප්‍රකට මෝටර්සයිකල් ආනයන සමාගමක් ඉන්දියාවේ ලංකාවේ මුදලින් 150000 වන බයිසිකලයක් ලංකාවේ විකුනන්නේ 650000 කට ඔවුන් ලක්ෂ 5ක් රජයට බදු ගෙවනවා දැයි සොයා බැලිය යුතුය. ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයේ හදන ඉන්දියානු මෝටර් රථයක් රුපියල් ලක්ෂ 70 කටත් වැඩියෙන් විකුණන අතර එම රතය ඉන්දියාවේ අලෙවි වන්නේ ලක්ෂ 30ක් වැනි මුදලකටය.

:       0       9

Nimal Monday, 29 April 2024 12:41 PM

මගේත් ණයත් තියෙනවා... ඔයිට වඩා අඩු ගාණක්... බැරි වෙයිද 75%ක් විතර කපලා දෙන්න. අනිත් ගාණ ගෙවන්නම්... !

:       0       3

Nihal Monday, 29 April 2024 02:48 PM

ලැබෙන වෙළෙඳ දැන්වීම් ටික නැති වෙයි කියල බයට නම කියන්නෙ නෑ නේද...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site